ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මැතිතුමාගේ 8 වන මතක සැමරුම

Untitled-1

 

ඇරයුමයි

දිවංගත අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මැතිතුමාගේ 8 වන මතක සැමරුම 2016.04.06 දිනට යෙදී ඇති අතර ප්‍රධාන සැමරුම් උත්සවය එදින පෙරවරු 8.00 ට වැලිවේරිය කාන්ති ක්‍රීඩාංගණය අසල ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ සමරු ස්මාරකය අභියස දී පැවැත්වේ.

ගුණ සමරු දේශනය ගරු ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය , එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මැතිතුමා විසින් පවත්වනු ලබයි.

 

මෙයට අමතරව

  • 04.02 දින රාත්‍රී 7.00 ට ආඬිඅම්බලම ශ්‍රී වේළුවනාරාම විහාරස්ථානයේ දී පැවැත්වෙන සුමධුර ධර්ම දේශනාව – දේශකයාණන් වහන්සේ ගුවන්විදුලි, රූපවාහිනී සදහම් දේශක පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ.
  • 04.03 දින ආඬිඅම්බලම ශ්‍රී වේළුවනාරාම විහාරස්ථානයේ දී මහා සංඝරත්නය විෂයයෙහි පවත්වනු ලබන සංඝගත දක්ෂිණාව හා දානමය පුණ්‍යකර්මය
  • 04.05 දින පස්වරු 4.30 ට වැලිහේන ශාන්ත කයිතාන් මුනිදුන්ගේ දේවස්ථානයේ පැවැත්වෙන විශේෂ දේව මෙහෙය.
  • 04.06 දින වැලිහේන පාතිමා , ශා.මරියා හා ලුචියා පෙරොචි යන ළමා නිවාසවල දරු දැරියන් සදහා දහවල් දානය පිරිනැමීම.
  • 04.08 දින පෙ.ව 11.00 ට බෝලවලාන ශා.ඇග්නස් කන්‍යාරාමයේදී පැවැත්වෙන දේව මෙහෙය සහ දානය පිරිනැමීම.

මේ අවස්ථාව න් සඳහා සහභා‍ගී වන ලෙස ඔබතුමාට/ඔබතුමියට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.

 

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 134 posts in දේශපාලනය category
Recommended for you
අද උදේ අටේ සිට රජයේ වෛද්‍යවරු පිරිසක් වර්ජනයක

ඊයේ විශ්ව විද්‍යාල සිසුන්ට පහර දීමට සහ සයිටම් ආයතනයට විරොධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ...