ඩිජිටල් එපා ඇනලොග් හොදයි

යම් යම් අය ගේ ක්‍රියා කලාපයන් ගැන පිටු ගණනක් ලියා කිවයුතු දේ පැරැන්නන් එක වචනයකින් හෝ වාක්යමය කණ්ඩයක් මගීන් කීමට විවිධ උපමා උපමේය යොදාගත් අතර “හණමිටිය කරගහ ගෙන යනවා”, “කිවට නාහන ගුරු ඉහලගියත් ඉහල පල, පහල ගියත් පහල පල”, “චේතිය පරමපරාවේන් එන එකෙක් වගේ” ආදී විවිධ යෙදුම් අපි අසා ඇත්තෙමු .

මේවා කට කහනවට කියපු කථා ද නොවේ. අපේ තාත්තා අපේ සියා වගේ හණමිටි කාරයෙක් නොවීම කොතරම් හොදදැයි මට හිතුනේ අපේ සියා ජිවත්ව සිටියදීමය. අපේ සීයාට පොඩි කඩයක් තිබුණි. මේ කඩය අප දන්නා කාලයේ සිට සියා මියයන තෙක්ම තිබුනේ එකම විදියටය. වැඩකලේත් ඔහුට ඔනෑ විදියටය. කාගෙවත් උපදෙසක් අවවාදයක් තඹයකට මායිම් කලේ නැත. ඕනෑම දෙයක හොදක් දැක්කෙම නැත. පෙනුනේම ඇදය. අපේ ලොකු තාත්තාත් සීයාගේ කපාපු පලුවක්ය.

අපේ තාත්තා සීයාට හාත්පසින්ම වෙනස්ය. සීයාගේ කඩේ හිටපු කිසිම ගෝලයෙකුට අසල ගමකවත් තමන්ගේ කඩයක් ආරම්භ කරන්නට උදවු කලේ වත් ඉඩදුන්නෙවත් නැත. අපේ තාත්තා කියන්නේ, “ගෝලයා අපේ කඩේ ඉදිරිපිට කඩයක් පටන් ගත්තත්, මට නම්  ගැටළුවක් නැති” බවයි.

තාත්තා ගෝලයන්ට කියන්නේ හැමදාම ගෝලයා නොවී හොදට වැඩේ ඉගනගෙන තමන්ගේම බිස්නස් එකක් පටන් ගන්න කියලයි. බොහෝ වේලාවට එවැනි ගෝලයන්ගේ කඩ විවුර්ත කලේත් අපේ තාත්තා විසිනි. තාත්තා කියන්නේ රට දියුණු වෙනවිට ජනගහනය වැඩිවනවිට සියලු ආකාරයේ සේවා සපයන ආයතනද වැඩි විය යුතු බවයි. මේක සියලු ආකාරයේ ව්‍යාපාර සේවා සපයන ආයතන වලට පොදු කාරණාවකි .

ලංකාවේ රුපවාහිනිය පටන් ගත්තේ එක නාලිකාවකිනි. අද වන විට තිබෙන නාලිකා ගණන් කොපමණදැයි බොහෝ දෙනෙක් හරියට දන්නේද නැත. දේශීය නාලිකා මෙන්ම විදේශිය නාලිකාද කේබල් සැටලයිට් වලින් රුපවාහිනිය බලන අයද, අන්තර් ජාලය හරහා තොරතුරු ලබාගන්නා පිරිසද තොරතුරු සපයන පිරිසද දිනෙන් දින වර්ධනය වේ. අද තරුණ පරපුර ලබාගෙන තිබෙන තාක්ෂණික දැනුම අනුව වෙබ් එකක් බ්ලොග් එකක් හදන එක ටොයිස් වැඩකි.
70

තම තමන්ගේ පාඨකයා හෝ ප්රේක්ෂකයා තමන්ගේ නාලිකාවේ හෝ වෙබ් අඩවියේ හෝ රදවාගැනීමට නොහැකිනම්, එය අලුතින් එකතු වන නාලිකාවේ පුවත් පතේ, දෝෂයක් නොව තමන්ගේම දුර්වල කමක් බව තේරුම් ගෙන එම දුර්වල කම නිවැරදි කරගැනීමට කටයුතු කරනු මිස අලුතින් එකතු වන අයට ආඩපාලි කීම, දෙස් දෙවොල් නැගීම ” ඩිජිටල් වැඩක් නෑ ඇනලොග් හොදයි” කියනවාටත් වැඩිය ප්‍රාථමික චින්තනයකි.

 

අලුත් දෙයක් කරන්න. අලුත් විදිහට හිතන්න. හොද දෙයක් කරන්න. හොද විදිහට දකින්න පුරුදු වෙන්න. අපි හරි වෙනස්.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 11 posts in කොත්තුව category
Recommended for you
කටානේ සහ මීගමුවේ මනාප ජන්දයෙන් ගොඩගිය මැති ඇමති වරුන්ගේ අවධානය පිණිසයි

මේ ඔබ දකින්නේ  මීගමුවත් කටානත් වෙන්කරනු ලබන දෙපා ඇළමාර්ග යයි මෙම ඇළෙහි වැසිජලය ගලායාමට ඇතිවන...