ඩෙංගු උවදුර පරදමු මිගමුව සුරකිමු

ඩෙංගු උවදුර අවසන් කරමු මිගමුව නගරය සුරකිමු  තේමාව කරගත් වැඩ සටහනක්  අද උදැසන දළුපොත ශාන්ත අන්තෝනි  මුනිදුන්ගේ දේවස්ථානයෙන් ආරම්භ විය. දුමායනය  කානුපවිත්‍රකිරීම දැනුවත් කිරීම ආදී අදියර කිහිපයක් අනුව දින අනුවක් පුරා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම කර ඇතිබව වැඩසටහන සදහා නායකත්වය ලබාදෙන නිමල් ලාන්සා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශකළේය.එමෙන්ම මෙම වැඩපිළිවෙල සාර්ථක කරගැනීම සදහා කිසිදු බෙදීමකින් තොරව සියලුදෙනා අත්වැල් බැදගගැනීම අගය කරනබව ද නියෝජ්‍ය අමාත්‍ය වරයා පැවසිය.

මෙම අවස්ථාවට එක්වෙමින් රොයිස් විජිත ප්‍රනාන්දු  බස්නාහිර පලාත් සභාමන්ත්‍රී වරයා ඩෙංගු උවදුර මිනිසා විසින්ම නිර්මාණය කරගත් එකක් බවත් එය මැඩ පැවැත්වීම සදහා කර ගෙන ගිය වැඩපිළිවෙලට නිමල් ලාන්සා අමාත්‍ය වරයා මැදිහහත් වීම දැවැන්ත ශක්තියක් වන බව ප්‍රකාශ කළේයඑහිදී වැඩිදුරටත් අදහස්  දැක්වූ මන්ත්‍රීවරයා සදහන්  කිසිදු බේදයකින් තොරව සියලුදෙනා එකට අත්වැල් බද ගත්තේ මෙම වියෂණයෙන් ජනතාව බේරා ගැනීමේ පරම පවිත්‍ර චේතනා වෙන් බවද ප්‍රකාශ කළේය.

දළුපොත මීසම් පාලක පියතුමා  සිස්වාන් කෘස් පියතුමා සහ හිටපු අමාත්‍ය වරයෙකුවන  සරත් කුමාරගුණරත්නමහතා  සහ හිටපු නගරාධිපතිවරු නාගරික මන්ත්‍රී වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගිවිය.මිගමුව නගරසභාව විසින් සංවිධානය කර තිබු මෙම සමාරම්බක උත්සවයේ පිළිගැනීමේ කථාව නාගරික කොමසාරිස් සුගත් කුමාර මහතා විසින් සිදුකළේය.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 127 posts in දේශපාලනය category
Recommended for you
පළාත් පාලන ජන්දයට කටානෙන් නිර්පාක්ෂික විද්වත් කණ්ඩායමක්

පළාත් පාලන මැතිවරණයේදී කටාන ප්‍රාදේශීය සභාවට  සහ සිදුව කටුනායක නගර සභාව සදහා සර්ව පාක්ෂික විද්වත්...



150x728


150x728