ඩෙංගු ගැන මීගමුවේ ජනතාව දැනුවත් කරන්න තරුණ තරුණියන් 500 ක් ගෙන්ගෙට යති

0
8

කීට විද්‍යා පරීක්ෂණ අනුව ඩෙංගු වැළදුණු වැඩි පිරිසකට දෂ්ට කර ඇති මදුරුවන් බෝවී ඇත්තේ ඔවුන්ගේම නිවෙස් හෝ ගෙවත්තේය එමනිසා ඩෙංගු වලින් බේරීමට කලයුතු හොදම දෙය තම තමන් ගේ නිවෙස් හා ඒ අවට පවිත්‍රව තබාගැනීමයි නිමල් ලාන්සා ස්වදේශ කටයුතු නියෝජය අමාත්‍ය වරයාපැවසිය.නියෝජය අමාත්‍යවරයා   මෙම අදහස් පලකලේ ජාතික තරුණ සේවා සභාව සහ ස්වාධින රුපවාහිනිය සමග එක්ව රොයිස් විජිත ප්‍රනාන්දු පළාත් සභා  පළාත් සභා මන්ත්‍රී වරයා සංවිධානය කල ඩෙංගු පිලිබදව ජනතාව දැනුවත් කිරීමේ වැඩ සටහන සදහා සහභාගිවිමට පැමිණසිටි  තරුණ තරුණියන් සහ නිලධාරීන් අමතමිනි

ගම්පහ දිස්ත්‍රික්කයේ    යවූවන සමාජ වල තරුණ තරුණියන් 500 කට වැඩි පිරිසක් පොලිස් සිවිල් ආරක්ෂක දෙපර්තමෙන්තුවවේ සාමාජිකයන්  මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජය අමාත්‍ය වරයා පසුගිය සති දෙක තුල මිගමුව නගරයේ  ඩෙංගු ව්‍යාප්තියේ අඩුවීමක් දක්නට ලැබෙන බවද  ඩෙංගු පිළිබද නිවැරදි සංඛ්‍යාලේඛන ලැබීමේ අඩුපාඩුවක් ඇතිබවත් ඒ නිසා ඉලක්ක ගතව මදුරු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයක් ඇතිවන බවත් සදහන්කලාය.පක්ෂ පාට ජාති ආගම ආදී වාද බේද වලින් තොරව මදුරු මර්ධන වැඩ සටහන් සදහා සියල්ලෝම එක්ව සිටින්නේ එහි ඇති ජාතික වැදගත් කම නිසා බවද  නිමල් ලාන්සා නියෝජය අමාත්‍ය වරයා පැවසිය

මෙහිදී අදහස් පලකල රොයිස් විජිත ප්‍රනාන්දු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයා ඩෙංගු මර්ධනයේදී දේශපාලන වාසි ගැනීමේ අදහසක් නැති බවත් නිමල් ලාන්සා නියෝජය අමාත්‍ය වරයා නායකත්වය දෙන මීගමුවේ කඩිනම්  ඩෙංගු මදුරු මර්ධන වැඩසටහන සමග අත්වැල් බැදගෙන කටයුතු කරන්නේ ජනතාව මෙම ව්‍යසනයෙන් බේරා ගැනීමේ පරම පිවිතුරු චේතනාවෙන් බවද පැවසිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here