ඩෙංගු රෝගීන්ගේ ජීවකයා වෛද්‍ය ලක්කුමර් ප්‍රනාන්දු

0
18

මේ දිනවල  මාධ්‍ය වල වැඩිපුරම කතාබහට ලක්වන ප්‍රධාන මාතෘකාවකි ඩෙංගු  ඩෙංගු ගැන කතාබහේදී  මීගමුවටද ප්‍රමුක තැනක් හිමිව ඇත . තනි නගරයක් ලෙස වැඩිම ඩෙංගු රෝගීන් වාර්තාවීම ලංකාවේ පළමු ඩෙංගු සහ ඩෙංගුරක්තපාත  සායනික කළමනාකරණ ඒකකය මිගමුව මහරෝහලේ පිහිටු වීම එම ඒකකය  ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයීමට ලක්වීමඩෙංගු සමග මිගමුව ලොවපතල වීමට හේතුවී ඇත.එමෙන්ම ලංකාවේ විවිධ පළාත්වල රෝගීන්ඩෙංගු සදහා  ප්‍රතිකාර ගැනීමට මිගමුව මහරෝහලට පැමිණීමද ඒ අතර දේශපාලකයන් ඔවුන්ගේ දරුවන් පැමිණීමද තවත් කාරණයක් වී ඇත.

මිගමුව රෝහලේ දී ඩෙංගු සදහා ප්‍රතිකාර කිරීමේදී නව සොයාගැනීම සිදුකල  ලොව සුපතල මානව සම්පතක් වන විශේෂඥය වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා ගේ සේවය රෝගීන්ට   ලබාගත හැකිවීම නිසා මිගමුව දිස්ත්‍රික් මහරෝහල ඩෙංගු ප්‍රතිකාර සදහා හොදම රෝහලක් ලෙස ජනතාව අතර මතයක්ද ගොඩනැගී ඇත.

මෙනිසා ඩෙංගු රෝගීන්ගේ ජිවිත රැකදීම සදහා වෛද්‍ය විද්‍යාවට නවසොයා ගැනීමක්  එක්කල විශේෂඥය වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා සමග කරනු ලබන සංවාද සටහනක් සදහා අප වෙබ් අඩවියේ ඉඩක් වෙන්කිරීමට තීරණය කළෙමු. මේසමග පලවන්නේ අප ඔහු සමග කල සංවාද සටහනයි.

නිදහස් අධ්‍යාපනයෙන් අකුරු කරණ ලක්කුමාර මහතා වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් වන්නේ රත්නපුර සීවලී මධ්‍යමහා විද්‍යාලයෙන් උසස්පෙළ සමත් වෙමිනි.වෛද්‍ය  වරයෙකු ලෙස කොළබ ළමා රෝහළේ සේවය කරඇති ලක්කුමාර මහතා වසර දෙකක් රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිටයේ කතිකා කථිකාචාර්යවරයකු වශයෙන් ද සේවය කර ඇත.

වැඩිදුර අධ්‍යාපනය සදහා එක්සත් රාජධානියට ගොස් පැමිණෙන ලමාරෝග  විශේෂඥය වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා 1999 වර්ෂයේ දී තම සේවාස්ථානය ලෙස තෝරාගන්නේ පුත්තලම මහා රෝහලයි. ලංකාවේ විවිධ පළාත්වල ලමාරෝග විශේෂඥය වෛද්‍ය වෛද්‍ය වරයෙකු ලෙස සේවය කර ඇති ලක්කුමාර මහතා 2010 ගමපහ රෝහලේ සේවය කරමින් සිටියදී  ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලැබුණු ශිෂ්‍යත්වයක් අනුව තායිලන්තයට ගොස්  ඩෙංගු පිලිබදව සතිදෙකක දෙකක පුහුණු වැඩමුළුවකට කට සහබගිවී ඇත.මෙම වැඩමුළුව සදහා 2010 ට පෙර සහ පසු වෛද්‍ය වරු 60 දෙනෙකු පමණ සහභාගී වී ඇත.මේ සදහා වියදම් දරා ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසිනි.

තායිලන්තයෙන් ලද දැනුම කටපාඩම් කරගෙන කටයුතු කිරීම වෙනුවට ලද දැනුම උපයෝගීකරගෙන රෝගී සත්කාරය වැඩිදියුණු කිරීමට දිවා රෑ වෙහෙස නොබලා  රෝගීන්ට ප්‍රතිකාර කරන මේ වෛද්‍ය වරයා ඩෙංගු කළමනාකරණය පිළිබද නව සොයාගැනීම් පිලිබදව දක්වන ලද උනන්දුවෙ ප්‍රතිපලයක් ලෙස ඩෙංගු රක්තපාත උණ හදුනා ගැනීම සදහාඅල්ට්‍රා සවුන්ඩ් ස්කන් ක්‍රමය පළමු වරට ලෝකයට හදුන්වා දීමට සමත්ව ඇත.

තමා ලබාගත් දැනුම කිසිදු පැකිලීමකින් තොරව නවක වෛද්‍ය සිසුන්ට මෙන්ම අනකුත් වෛද්‍ය වරුන් අතර බෙදා දීමට ඕනෑම වෙලාවක කටයුතු කරන මෙම වෛද්‍යවරයාය මේවන විට ලංකාවේ විවිධ පළාත්වල වැඩමුළු වැඩමුළු 120 ක් පවත්වා ඇත.එමෙන්ම අප අසල්වැසි ඉන්දියාව පකිස්ථානය බංගලිදේශය යනරටවල වැඩමුළු 30 කට පමබ සම්පත් දායකත්වය ලබාදී ඇත.

2007  වර්ෂයේ සෞඛ්‍යඅමාත්‍ය අංශය පවත්වන ලද තරගයකදී  ලංකාවේ හොදම විශේෂඥය වෛද්‍යවරයා ලෙසද ලක්කුමර් ප්‍රනාන්දු මහතා තෝරාගෙන ඇත. ලෝකයේ ඩෙංගු පිලිබදව වැඩිපුරම අධ්‍යානය කර ඇති කණ්ඩායමට අයත් වන මහාචාර්ය සුචිත්‍රා නිමනෙත්යා සහ මහාචාර්ය සිරිපන් තායිලන්තයේ දී පැවති වැඩමුළුවේදී  ලබාදුන් දැනුම  සැමවිටම සිහිපත් කරන මෙම වෛද්‍යවරයාය මහාචාර්ය සුචිත්‍රා නිමනෙත්යා ගේ ජයරුපයක් ඩෙංගු ඒකකයේ  ප්‍රදර්ශනයටද තබා ඇත.

වයස දින ගනනක් වන ළදරුවාගේ සිට වයස අවුරුදු 90 ව ඉක්මවූ වැඩිහිටියා දක්වා එකම වහලක් යට තබාගෙන අනෙකුත් කායික ළමා විශේෂඥය  වෛද්‍යවරු සමග හෙද  උපස්ථායක ඇතුළු රෝහලේ සියලු කාර්යමණ්ඩල සමග කණ්ඩායමක් වශෙයන් එකතුවී ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමේ සංකල්පය අනුව මිගමුව රෝහලේ ඩෙංගු උණ රෝගය සහ ඩෙංගු රක්තපාත රෝගය කළමනාකරණ ඒකකය හෙවත් පොදු ව්‍යහාරයේදී මිගමුව රෝහලේ ඩෙංගු වාට්ටුව පිහිටු වීමේ පුරෝගාමියා ලෙස කටයුතු කලේද.ලක්කුමාර ප්‍රනාන්දු නමැති මෙම විශේෂඥය වෛද්‍යවරයාය.

ලක්කුමරගේ කැපවීමෙන් මීගමුවේ ජනතාවගේ ලක් එකට මිගමුව රෝහලේ ඉදිකළ ඩෙංගු වාට්ටුවේ සත්‍ය කථාව සහ  තවත් තොරතුරු ඇතුලත් මෙම සම්මුක සාකච්චාවේ තවත් දිගුවක් සමග හමුවෙමු

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here