ඩෙංගු හදිසි තත්වයක් අවශ්‍යයි අගරදගුරු කාදිනල් හිමිපාණන් මීගමුවේදී

අද ඇතිවී තිබෙන ඩෙංගු වසංගත තත්වය පිලිබදව රජයේ අවධානය තවදුරටත් යොමුකළ යුතුබවත් ඩෙංගු රෝගය මැඩ පැවත්වීම  සදහා සියලු ආයතන එකතුකර රටපුරා යම් මට්ටමක හදිසි තත්වයක් ප්‍රකාස කර ඩෙංගු  රෝගය පරාජය කිරීමට තවත් සංවිධානාත්මක ලෙස  වැඩපිළිවෙලක් ආරම්භකල යුතුබව රජයට සහ ජනාධිපති තුමාට යෝජනා කරනබව අගරදගුරු  කාදිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන් පැවසිය.

උන්වහන්සේ මෙසේ ප්‍රකාස කලේ  මිගමුව මහරෝහලේ ඩෙංගු රෝගය වැලදී ප්‍රතිකාර ගනිමින් සිටින රෝගීන්ට ආශිර්වාද කිරීමටත් ඔවුන්ගේ සුවදුක විමසීමටත් අද මිගමුව මහරෝහලට පැමිණි අවස්ථාවේදීය.

හැම  කෙනෙක්ම ඩෙංගු බෝකරන මදුරුවන් බෝවන ස්ථාන  නැති කිරීමේ ජාතික වගකීම ඉටුකලයුතුයි ඒසදහා සියලු දෙනාම තමන්ගේ ගෙවත්ත පිරිසිදු කර ගැනීමෙන් ඒ සදහා දායක වීම වැදගත්  එම සමාජ යුතුකම ඉටුකරන්න කියා තමා ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද කාදිනල් හිමිපාණන් පැවසිය.

වැඩිදුරටත් අදහස් පලකල උන්වහන්සේ  කුණු ගැටලුව ජලය බැස යන කානු විවිධ ඝන අප ද්‍රව්‍ය නිසා හිරවිමද මදුරුවන් බෝවීමට තුඩු දී ඇති කාරනාබවද එමනිසා ඒ ගැටළු හරියාකාරව විසදගතයුතු බවද සදහන් කලාය.රෝගය නිසා පිඩාවට පත්ව සිටින ජනතාවට හැකි අයුරින් උදවු කිරීමේ වැදගත් කමද කාදිනල් හිමිපාණන් අවධාරණය කළේය.

රෝහල් කාර්ය මණ්ඩලය කරනුලබන සේවාව අගයකල කාදිනල් තුමා ත්‍රිවිද හමුදාව විසින් සහ සිවිල් ආරක්ෂක දෙපර්තමෙන්තුව් විසින් රෝහල් කාර්යමණ්ඩලයට ලබාදෙන සහයෝගයද පැසසිය.

තිලන්දුව මල්වත්ත දේවස්ථානයේ   මිසම් සේවක රවින් සදසිරි පියතුමාගේ මගපෙන්වීම මත තිලන්දුව ශාන්ත සෙබෙස්තියන් තරුණ සංවිධානය විසින් එක් රැස්කල තුවා සබන් දන්තාලේප ඇද ඇතිරිලි ආදී රෝගීන්ට අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගයක්ද සිදුවිය.

මෙම අවස්ථාවට ක්ලේමෙන්ට් රොසයිරෝ ශ්‍රිලාල් පොන්සේකා යන පියතුමන් ඇතුළු ප්‍රදේශයේ  පැවිදි නායකයන් සහ තරුණ සංවිධානයේ තරුණ තරුණියන්ද එක්ව සිටිනු දක්නට ලැබුණි.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 640 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
මීගමුවේ කේරල ගංජා වලට වලානෙන් ප්‍රහාරයක්

පසුගිය 14 වනදින කටාන පොලිස් වසමේදී කේරල ගංජා ග්‍රෑම් 1362 ක් සමග ගංජා   බෙදා හරිමින්...



150x728


150x728