තහනම් ගහේ ගෙඩිකා හොට පැටලුනු චීවරධාරියා

0
109

මුදල් බලයෙන්  රවටා ගත්  දායක සභාවේ දෙතුන්දෙනෙක්  කුලප්පුකර  ගම්වැසියන් අතරගැටුමක් ඇතිකර   කඩිගමුව ගලපිට මඩ කඩිගමුව ශ්‍රී රත්නාරාම පුරාණ විහාරයේ  අයිතිය බලහත්කාරයෙන්  ලබාගැනීමට උත්සාහ කලචීවර ධාරියෙකු ගම්වැසියන් විසින් ජුලි මස 2 දින  දිනවිහාරස්ථානයට ඇතුල්වීමට ඉඩනොදීම  පන්නාදමා ඇත..

මෙසේ පන්නාදමා ඇත්තේයටිහෙන සද්ධාලෝක හිමි නොහොත් හේරත් මුදියසේලගේ කරුණාරත්න නොහොත් යක්ගහ හේවගේ බණ්ඩාර යනනම්වලින් පෙනීසිටින  කාන්තාවකට නඩත්තු ගෙවන තවත් කාන්තාවන් සමග සම්බන්ධතා  පවත්වමින් එම කාන්තාවක් සමග මීගමුවේ අක්කර පනහ ප්‍රදේශයේ නිවසක ජිවත්වන චිවරධාරියෙකි.

මෙම චීවර ධාරියා මෙයට පෙර අවස්ථාවකද මෙම විහාරස්ථානයේ ඔහු විසින් එවන ලද  චීවරධාරීන්  දෙදෙනෙකු බලහත්කාරයෙන් පදිංචි කරවීමට උත්සාහ දරා ඇත.එම සිද්ධිය පිලිබදව   කඩිගමුව ශ්‍රී රත්නාරාම පුරාණ විහාරයේ  වසර දහයකට අධික කාලයක් වැඩ සිටින බස්නාගොඩ ධම්මාලෝක හිමියන් විසින්  රුවන් වැල්ල පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

මෙම පැමිණිල්ල විභාග කිරීම සදහා යටිහෙන සද්ධාලෝක නැමති චීවර ධාරියට අවස්ථාකිහිපයකදී රුවන්වැල්ල පොලිසියට පැමිණෙන ලෙස දන්වා ඇතත් විවිධ හේතු දක්වමින් මගහරිමින් සිට ඇත.මෙසේ මගහරිමින් මෙම විහාරස්ථානයේ අයිතිය ලභා ගැනිම සදහා දායකයන් දෙතුන්දෙනෙක් මුදලට ගෙන දායක සභාවේ ගැටුමක් ඇතිකිරීමටත් එම ගැටුම අතරතුර තමන් විසින් රැගෙන යන චීවරධාරීන් සහ මැරයන් කිහිප දෙනෙකු විහාරස්ථානයේ නතර කිරිමටත් කරන ලද සැලසුමක් පිලිබදව දැනගන්නට ලැබී ඇති දායකයන් සහ බස්නාගොඩ ධම්මාලෝක හිමියන් විසින් රුවන්වැල්ල පොලිසිය වෙත පැමිණිලික්ද කර  ඇතිබව දැනගන්නට ඇත.

චීවරය දරා සිටිමින් කාන්ත ඇසුරක් පවත්වා  එම කාන්තාවට ලැබුණුදරුවාගේ පියා මෙම යටිහෙන සද්ධාලෝක නමැති චීවරධාරියා බව  ඔප්පුවී ඇති බැවින්  මොහු පරාජික වී අමු ගිහියෙකු බවට පත්වී ඇතිබව ප්‍රදේශයේ නායක ස්වාමීන්වහන්සේලා විසින් මල්වතු මහාවිහාරයේ මහානායක අනුනායක  හිමිවරුන් වෙතද ලිඛිතව දන්වා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here