දන්සැල් වලින් කෑම ආතල් එකට දන්සැල් හොය හොයා කෑම

56පොසොන් පොහොයට තව ඇත්තේ දවස් දෙකකි අපේ මායියා සහ ළමෝ මේ දවස්වල සැලසුම් කරන්නේ පොසොන් දන්සැල් වැදීමටය වෙසක් පෝයට ගමේ ගියනිසා අදිවේගෙන් එලියට බැහැපු වෙලේ හිටන් අකුරැස්සට යනකම් නානාප්‍රකාර දන්සැල් කියක් ගාව නැවත්තුවාද කියාමට මතක නැති නමුත් ඉමදුව කඩල කනංකේ මයියොකු වාහල කනංකේ බෙලිමල් ගල්ලල හංදියේ යෝගර්ට් පැනෑටියන හංදියේ කොස් ආදී දන්සැල් ගැන මතකය තවම ඇත්තේ බෑ බෑ කිය කියා මමත් ඒවායින් සප්පායම් වූ නිසාය තාත්තා මීගමුවේ දන්සැල් වලට කන්න නොගියට ගමේ දන්සැල් කියකින් කෑවද අපේ දුව දැමු ප්‍රශ්නයට මායියත් පොඩිඑකත් අතුරුප්‍රශ්න දෙකක් ඉදරිපත් කරමින් සභාව උනුසුම්කලේය.
ගමේ කුඩා කුඩා දන්සැල් දෙන්නේ නරයේ මෙන් අනුන්ගෙන් යටිහිතේ අකමැත්තෙන් දුන් මුදල්වලින් නොව තනි පුද්ගලයකු හෝ දෙතුන් දෙනෙක් බොහොම කැමැත්තෙන් තමන්ගේම වත්තෙන් කඩාගත් කොස් දෙල් හෝ උගුලාගත් මයියොකු වලිනි ඒවා අනුබව කරන වැඩි දෙනා නගරයේ මෙන් දන්සැල් කා ආතල් ගන්න යන පිරිසක් නොව සබැ ලෙසම වන්දනාවේ යන පිරිසකි.එමනිසා තමන් තමන්ගේ දහඩිය මහන්සියෙන්උපයාගත් දෙයකින් දෙන දානයෙන් දෙන්නාට පිනක් ලැබෙන්නේ දානය ලබාගන්නේද දානයක් ලැබීමට සුදුසු පිරිසක් නිසා බව මම කල පැහැදිලි කිරීම ධර්මාචාර්ය විභාගයද සමත්ව සිටින දෝනියන්දා පිලි නොගතා සේ සිටියේ කණ්ඩායමේ ගරුත්වය රැකීමට වියයුතුය.
අපේ රටේ වගේ පාරේ යන අයට අඩගගහ කන්න දෙන රටක් ලෝකෙම නැත.ඒ අතින් අප සිට්න්නේ අංක එකටය.
නගරයේ දෙන බොහෝ දන්සැල් දෙන්නේ අනුන්ගේ මුදලිනි සමහර දන්සැල් සංවිධානය කරන මහතුන් දන්සැලෙන් ගානක් හොයාගන්නවා යන්නප්‍රසිද්ධ රහසකි.දන්සැල් කෑමට එන වැඩි දෙනාද දන්සල්කා ආතල් එකක් ගන්නට එන අයයි.ගමේ දන්සලේ කන්න දෙන්නේ බලෙන් වගේය ඒවායේ වැටවල් ගසා පෝලීම් හදා නැත.නගරයේ දන්සැලේ පෝලිමට ජනයා සෙට් වෙන්නේ දන්සැලේ බත ඉදෙන්නත් කලිනි.අපි අසා ඇති දහමට අනුවනම් පිනට දෙනදෙයක් දියයුත්තේ දෙනදෙය සිතින් හෝ අල්ලගැනිමකින් තොරවය දන්සැලකට යමක්දුන් සමහරු දින ගැන ගැන බලා සිටින්නේ හුදී ජනයා පෝලිමේ සිටියදී VIP පෝලිමෙන් තමන්ට අමතරේ අල්ලපු ගෙවල් දෙක තුනක අයත් කැටුව ගොස් දන්සැල් කෑමටය.අපේ දෙමව්පියන් කුඩා කාලයේ කියා ඇත්තේ දකුණතින් දුන් දෙය වමතවත් දැනගතයුතු නැති බවයි.එම නිසා දන්සැල් දෙන සමහර අයත් ඒවාට එන සමහරුත් එක්රැස්කරන්නේ පිං නොව පවු බව පහුගිය වෙසක් දවසේ ඇල්ගිරියේ කහවිල් ගොඩ පන්සලේ නායක හාමුදුරුවන් බණට දේශනාකළේය. උන්වහන්සේ වැඩිදුරටත් දේශනාකළේ අනුන්ගෙන් හිගාකා දන්සැල් දෙනවාට වැඩිය එසේ මුදල් එකතුකර වැසිකිලියක් නැති ගෙදරකට වැසිකිලියක් තනාදීම දොරක් ජනේලයක් සාදාදීම සුදුසු බවයි.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 11 posts in කොත්තුව category
Recommended for you
කටානේ සහ මීගමුවේ මනාප ජන්දයෙන් ගොඩගිය මැති ඇමති වරුන්ගේ අවධානය පිණිසයි

මේ ඔබ දකින්නේ  මීගමුවත් කටානත් වෙන්කරනු ලබන දෙපා ඇළමාර්ග යයි මෙම ඇළෙහි වැසිජලය ගලායාමට ඇතිවන...