දළුපොත ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දේව ප්‍රතිමාවක් සොරුන් ගෙනයයි

88

කිතුනුවන්ගේ මෙන්ම වෙනත් ආගමිකයන්ගේද ගවුරවයට පාත්‍රවූ දිනකට අතිවිශාල පිරිසක් වන්දනා කරනු ලැබූ මිගමුව දළුපොත ශාන්ත අන්තෝනි දේවස්ථානයේ විදුරු කුටියක තැම්පත් කරතිබූ දැවයෙන් නිමකළ ශාන්ත අන්තෝනි දේව ප්‍රතිමාවක් සොරුන් විසින් ගෙනගොස් ඇත.
එම දේව ප්‍රතිමාව සමග බැතිමතුන් විසින් ප්‍රතිමාවට පුජාකරතිබූ රුපියල් 120,000 වටිනා රන්මාල 14 ක් ද සොරාගෙන ඇත.
සොරකම පිලිබදව දළුපොත දේවස්ථානයේ පාලක දොන් ජූඩ් ලක්ෂ්මන් පියතුමන් මිගමුව පොලිසියට පැමිණිලිකර ඇත.මෙම සොරකම පිළිබද විමර්ශන කටයුතු සදහා මිගමුව පොලිස් අධිකාරී අනුර අබේවික්‍රම මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ පොලිස් කණ්ඩායම් හතරක් යොදවා ඇත.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 718 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
කටාන පොලිසියේ කනේපහරට සාධාරණ පරීක්ෂණයක් ඉල්ලයි

කටානේ පොලිස් ස්ථානය තුලදී ස්ථානාධිපතිවරයාගේ පහරදීමට ලක්වූ බව කියමින් රෝහල් ගතව ප්‍රතිකාර ලබන පොලිස් නිලධාරීන්...