දාගොන්නේ හනුමා පුපුරයි තරුණයෙක් පිලිසුම් තුවාල ලබා රෝහල් ගතකරයි.

0
6

අද උදැසන 9.45 ට පමණ මිගමුව දාගොන්න ප්‍රදේශයේ ගිනිකෙළි කමහලක  වෙඩි  මඩුවක් තුල සිදුවූ පිපිරීමකින් 30 හැවරදි අයෙකු තුවාල ලබා මිගමුව දිස්ත්‍රික් මහරෝහලට ඇතුලත්කර ඇත.

මෙම අනතුර සිදුවීමෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ දාගොන්න ප්‍රදේශයේ පදිංචි ලොකුගමගේ අමිල සුසන්ත(30) නමැති අයෙකි පිපිරීමට ලක්වූ වෙඩි මඩුව අසල තණකොළ කපන යන්ත්‍රයකින් තණකොළ කපමින් සිටියදී  මෙම පිපිරිම සිදුවී ඇත.

මෙම වෙඩි මඩුව අප්‍රේල් 12 වෙනිදින පිරිසිදු කර වසා තිබු බවත් වෙඩි මඩුව අසල වැටී එකතුවී තිබු කුඩා වෙඩි බෙහෙත් ප්‍රමාණයකට තණකොළ කපන යන්ත්‍රයේ තලය ගලක වැදීමෙන් විසිවූ ගිනිපුලුගුවකින්  ගිනි ඇවිලිමෙන් මෙම අනතුර සිදු වියහැකි බව ගිනිකෙළි කම්හලේ හිමිකරුවන් සැක පහල කරයි.

කටාන පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ජගත් තේමිය සේනාරත්න ප්‍රධාන පොලිස් පරීක්‍ෂක වරයාගේ අධීක්ෂණය යටතේ අපරාධ අංශයේ ස්ථානාධි පති උපපොලිස් පරීක්‍ෂක අශෝක සහ පොලිස් කොස්තාපල් (76737 )අශෝක යන නිලධාරීන් විසින් මෙම සිද්ධිය පිලිබදව වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here