දිනපතා පොල තුලදී ග්‍රාමනිලධාරියට පහරදුන් ත්‍රීරෝද රියදුරු රක්‍ෂිත බන්ධනාගාරයට

දිනපතා පොල තුල ත්‍රිවිල් රථයක්  පදවාගෙන යමින් පොලතුල පයින් ගමන්කරමින් සිටි ග්‍රාමනිලධාරියෙකුට පහරදුන් බවකියන  මීගමුවේ තලාදුවේ පදිංචි වර්ණකුලසූරිය නිලුපුල් නමැති සැකකාර ත්‍රීරෝද රියැදුරු දෙසැම්බර් මස 28 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මිගමුව වැඩබලන මහේස්ත්‍රාත් සාන්ත  නිරිඇල්ල මහතා නියෝග කළේය.

ඊයේ රාත්‍රී 740 ටපමණ පහර කෑමට ලක්වූ ග්‍රාම නිලධාරී රොහාන් දරිජු මහතා ඔහුගේ බිරිද සහ දරුවන් නත්තල් සදහා අවශ්‍ය දෑ මිලදීගැනීම සදහා ගොස් ඇති අතර ඔවුන් දිනපතා පොළ තුල ගමන්කරමින් සිටියදී ඔවුන්ට පිටුපසින් පැමිණි ත්‍රීරෝද රථයක්  දරිජු මහතාගේ සිරුරේ ගැටී ඇත  ත්‍රීරෝද රථය නවතා මේගැන විමසීමේදී ත්‍රීරෝද රියැදුරු දරිජු මහතාට පහරදී පලාගොස් ඇත පලාගිය ත්‍රීරෝද රථයේ අංකය දරිජු මහතාගේ පවුලේ සාමාජිකයෙකු විසින් සටහන් කරගෙන පොලිසියට ලබාදී ඇත.

වහාම ක්‍රියාත්මක වූ මිගමුව පොලිසිය එම අංකය ඔස්සේ පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුව ගෙන ඇත..

ඇස කට සහ දත් වලට  සිදුවී ඇති ඇති තුවාල හේතුවෙන් දරිජු මහතා මේ වනවිට  නේවාසිකව ප්‍රතිකාර ගනී

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 714 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
හෂිෂ් අලෙවිකල සිදුවේරාත්‍රී සමාජ ශාලාවට වලානෙන් ප්‍රහාරයක්

සිදුව පොලිස් බලප්‍රදේශයේ ලියන්ගේමුල්ලේ පිහිටි ප්‍රසිද්ධ රාත්‍රී සමාජ ශාලාවක්වැටලු වලාන දුෂණ මර්ධන  ප්‍රහාරක ඒකකයේ  පොලිස්...