දිවුලපිටිය පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති යලිත් රිමාන්ඩ්

0
61

දිවුලපිටිය පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති වරයා  ලබන 17 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මීගමුව මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා අද(10) නියෝග කළේය.

මිගමුව බන්ධනාගාරයෙදී මියගිය නයිවල අප්පුහාමිලාගේ එඩ්වඩ් (43 )මරණය  සම්බන්ධයෙන්  දිවුලපිටිය පොලිස් ස්ථානයේ  අපරාධ විමර්ශන අංශයේ  හිටපු ස්ථානාධිපතිවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට  ඉදිරිපත්  කිරීමෙන් අනතුරුව අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරතිබුණි.

මිගමුව සහකාර පොලිස් අධිකාරී ලලිත් රෝහණ ගමගේ මහතා සමග මිගමුව මුලස්ථාන පොලිස් පරීක්ෂක උදය කුමාර  වුට්ලර් මහතා පැමිණිල්ල මෙහෙයවිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here