දුරකථන සොරකමකට අත් අඩංගුවට ගත් මීගමුවේ ජාතික පාසලක සිසුන්ට ඇප ලැබේ

rbvs0020365මිගමුව පන්සල පාරේ පිහිටි විශ්‍රාමික බංකු නිලධාරියෙකුගේ  නිවසට   නිවැසියන් නොමැති අවස්ථාවල  ජනේලයකින් දින දෙකක් නිවසට ඇතුළුවී එම නිවසේ තිබු ජංගම දුරකථන දෙකක් හා ටැබ් එකක් සොරා ගත් බවට  සැකපිට අත් අඩංගුවට ගත් 9 ය වසරේ ඉගෙනුම ලබන 14 හැවරදි පාසැල්   සිසුන් දෙදෙනාට  රුපියල් 2500/= බැගින් මුදල් ඇප සහ රුපියල් 25000/= බැගින් ශරීර ඇප නියමකළ මිගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා  සිසුන් ඔවුන්ගේ දෙමාපියන්ට බාර දෙන ලෙස නියෝග කළේය.

දෙමාපියන් යහපත් කල්ක්‍රියාවෙන් පසුවන්නේනම් සහ දරුවන් ගැන උනන්දුවෙන් සොයාබලන්නේනම් මෙවැනි තත්වයන්ට දරුවන් පත්වන්නේ නැති බවද මහේස්ත්‍රාත් වරයා කියා සිටියාය.

සිසුන් පිලිබදව පරිවාස වාර්තාවක් කැදවීමට නියෝග කල   මහේස්ත්‍රාත් වරයා මෙම සොරකම් කරන ලද බඩු මිලදී ගැනිම සම්බන්දයෙන් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුවනලද කිබුලාපිටියේ ඉද්ද ගොඩැල්ලේ පදිංචි කරුවෙකු වන   නුවන් පෙරේරා යන සැකකරුට රුපියල් 5000/= මුදල් හා රුපියල් 50000/= ක් ශරීර ඇප නියමකළේය.වැඩිදුර විභාගය නොවැම්බර් මස 1 දින පැවැත්වේ.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 690 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
මිගමුව රෝහලේ මාධ්‍ය වාරණයක්

ඊයේ  දහවල් පෙරියමුල්ලේ සිදුවූ අනතුරින්  රෝහල කරා රෝගීන් රැගෙන එමසහ එම හදිසි තත්වයට මුහුණදීම සදහා...



150x728


150x728