කටානේ වීදි ලාම්පුවෙන් රු.54,000ක් විනාශයි.

728x150

අපට පසුගිය කාලය තුළ රටපුරා සිදුවූ විදුලිය බිදවැටීම් කිහිපයකට මුහුණ දීමට සිදුවිය ජලවිදුලිය නිපදවීම සීමාවූවිට තාප විදුලිය නිපදවීමට වැයවන අතිවිශාල මුදල පිළිබද පුවත් මෙන්ම විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන මෙන් කරන  ඉල්ලීම් නිරන්තරයෙන් අසන්නට ලැබේ. මෙම ප්‍රචාරක කටයුතු සදහාද විශාල මුදලක් වැය කරනබව පෙනෙන්නට ඇත.

දිවයින පුරා දිවා රෑ දැල්වෙන අතිවිශාල විදුලියක් නාස්තිකරන විදිලාම්පු කිසිවකුගේ අවදානය යොමුවී ඇතිබවක් පෙනෙන්නට නැත.

මෙම ලියුම්කරුගේ ගණන් බැලීමට අනුව කටාන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ‍යේ මාර්ගවල එක් කිලෝමීටරයක් ඇතුලත වීදි ලාම්පු විසිඅටත් තිස්දෙකත් අතර ප්‍රමාණයක් සවිකර ඇත මෙම විදි ලාම්පු සවිකිරීමේදී කිසිදු විද්‍යාත්මක පදනමක් අනුගමණය කර නැත බොහෝ විදිලාම්පු සවිකර  තිබේන්නේ තනි පුද්ගලයන් ඉලක්ක කරගෙනය ප්‍රදේශියසභාවේ හෝ විදුලිබල මණ්ඩලයේ නඩත්තු කටයුතු සදහා පැමිනෙන  සේවක මහත්වරුන්ට අවශ්‍ය උපකරණ පුද්ගලිකව ලබාදී ඕනෑම පුද්ගලයෙකුට තමන් කැමති ස්ථානයක ඕනෑම  ආකාරයක විදිලාම්පුවක් සවිකරගැනීමට හැකියාව ඇත.

  එක කිලෝමීටරයක් තුළ ඇති විදිලාම්පුවලින් අඩකට වැඩි ප්‍රමාණයක්  අදුරට පෙර දල්වන අතර හිරු පායා හෝරා කීපයක් යනතුරුත් දැල්වේ  අවමවශයෙන් එක කිලෝමීටරයක් තුළ පැය විසිහතරම දැල්වෙන විදිලාම්පු දෙකත් හයත් අතර ප්‍රමාණයක් ඇති බව අපගේ සමීක්ෂණයේදී අනාවරණය විය විදිලාම්පු දැල්වීමට නිවීමට ප්‍රාදේශීය සභාව සතුව යාන්ත්‍රණයක් නොමැත අප පෙර සදහන් කළපරිදි තනි පුද්ගල උවමනා මත සවිකළ විදිලාම්පු වල සුවිචය සවිකර ඇත්තේ ගේට්ටුව අගුළුලා ඇති පුද්ගලික ස්ථාන තුළනිසා  මහමග ගමන්කරන පුරවැසියකුට හෝ එම විදිලාම්පු නිවාදැමීමට නොහැකිවි ඇත.අපගේ ගණන් බැලීමට අනුව එක කිලෝමීටරයක් තුළ ඉහත සදහන් හේතු මත දිනකට විදුලිය ඒකක දහයක් හෝ වැඩි ප්‍රමාණයක් අපතේ යෑම සීදුවේ. එය මාසයකට එකක තිහකට වැඩි ප්‍රමාණයකි විදුලි ඒකකයක නිස්පාදන වියදම රුපියල් පහළොවක් ලෙස  සැලකුවහොත් වසරකදී එක් කිලෝමීටරයක් ඇතුලත අනවශ්‍ය විදිලාම්පු දැල්වීමෙන් රුපියල් පනස්හතරදහසක මුදලක් අපතේයයි මේඅනුව රට පුරා සවිකර ඇති විදිලාම්පු නිසා අපතේ යන විදුලිය සදහා අති විශාල මුදලක් වැයවන බවපැහැදිලිවේ

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 122 posts in දේශපාලනය category
Recommended for you
කටාන සමුපේ වාහන අවභාවිතයේ

කටාන විවිධ සේවා සමුපකාර සමිතියේ මහා සභා රැස්වීම  සමුපකාර ශ්‍රවනාගාරයේ අද( 28)පැවති අතර අධ්‍යක්ෂක මණ්ඩලය...