නඩත්තු ගෙවන චීවරධාරියා කඩිගමුව පුරාණ විහාරයේ අයිතිය ඉල්ලයි

යටිහෙන සද්ධාලෝක හිමි නොහොත් හේරත් මුදියසේලගේ කරුණාරත්න නොහොත් යක්ගහ හේවගේ බණ්ඩාර යනනම්වලින් පෙනීසිටින හලාවත කුඩාවැව ගල් අමුණ  විහාරස්ථානයේ වාසය කරන කාලයේදී එම ප්‍රදේශයේ කාන්තාවක් සමග  සම්බන්දතාවයක් පවත්වාගෙන යාම හේතුවෙන් 2010 ජූලිමස 12 වනදින එම කාන්තාවටදාව උපන් ගැහැණු දරුවාගේ පියා මෙම චීවර ධාරිය බව ජානපරීක්ෂණ දෙකකින්ම ඔප්පුවිමෙන් අනතුරුව මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ දී ඇතිකරගත් එකගතාවය අනුව මාසිකව දරුවාගේ නඩත්තුව සදහා මෙම චීවරධාරියා විසින් මාසිකව රුපියල් 25000/ කමුදලක් ගෙවනු ලබයි.

ප්‍රදේශ වාසීන්ගේ විරෝධය හමුවේ   හලාවත කුඩාවැව ගල් අමුණ  විහාරස්ථානයේන් පලායන මෙම චීවර ධාරිය දැනට මීගමුවේ අක්කර පනහ ප්‍රදේශයේ නිවසක කාන්තාවක් සමග ජීවත්වේ.

ඉහත සදහන් නඩුවට අමතරව 2011 වසරේ සැප්තැම්බර් මස 6 වනදා  මාරවිල විරහේන ප්‍රදේශයේ  නිධානයක් ගොඩගැනීමට තැත් කිරීම සම්බන්දයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව දැනට ඇපපිට සිටි.මෙයට අමතරව මෙම චීවර ධාරියා පුත්තලම අධිකරණයේ සහ මීගමුවේද නඩු කිහිපයක විත්ති කරුවෙකු බවද දැනගන්නට ඇත.

මොහුගේ විනය විරෝධී කටයුතු පිලිබදව ප්‍රදේශයේ පළාතේ මහ නාහිමිවරුන් විසින්  සහ දායක කාරකාදීන් විසින් මල්වතු මහාවිහාරයේ අනුනායක මහනායක හිමිවරුන්ට පැමිණිලි කරඇති අතර එම පැමිණිලි පිලිබදව කරුණු සොයා බලා වර්තා කිරීමට  බිංගිරියේ  දේවගිරි රජමහා විහාරාධිපති මලගනේ ශ්‍රී අත්ථදස්සී නායක හිමියන් මල්වතු මහාවිහාරය විසින් පත්කර ඇත.

මෙම පරීක්ෂණය සදහා පැමිණෙන ලෙස අවස්ථා කිහිපයක්  යටිහෙන සද්ධාලෝක නමැති චීවර ධාරියටබිංගිරියේ  දේවගිරි රජමහා විහාරාධිපති මලගනේ ශ්‍රී අත්ථදස්සී නායක හිමියන් විසින් දැනුම් දී ඇතත් මෙතෙක් ඒසදහා පැමිණ නැත.

මෙසේ තිබියදී මල්වතු මහා විහාරය විසින්  මෙම චීවරධාරිය වෙත කඩිගමුව ගලපිට මඩ කඩිගමුව ශ්‍රී රත්නාරාම පුරාණ විහාරය, වහරක බස්නාගොඩ ලෙනගල ශ්‍රී සුගත රත්නාරාමය ,සහ වල්ගම්පොත ශ්‍රී සුදර්නාරාමය යන විහාරස්ථානවල විහාරාධිපති ලෙස පත්කරමින් ලබාදී ඇති ලිපියක් රැගෙන විත් එම විහාරස්ථාන වල අයිතිය ලබා ගැනීමට උත්සාහ දරා ඇත. මල්වතු මහා විහාරයේකාර්යාලයේ  සේවය කරන පුද්ගලයෙකු මෙම ලිපි ලබාදීම පිටුපස සිටින බවට මෙම පැමිණිලි සිදුකර ඇති පාර්ශව සැකපහලකරයි.

යටිහෙන සද්ධාලෝක නමැති චීවරධාරියා ගේ මෙම කටයුතු පිළිබදව ඉහත සදහන් කල විහාරස්තානවල  වැඩවාසය කරන සංඝයාවහන්සේලා සහ දායකයන් මල්වතු මහාවිහාරයට පැමිණිලි කරඇති බව දැනගන්නට ලැබී ඇත.

මෙම පැමිණිලි පිලිබදව හෙට පැවැත්වෙන මල්වතුමහාවිහාරයේ සංඝ සභාවේදී සකච්චාකරන බව පැමිණිලි කල සංඝයාවහන්සේලා සහ දායකයන් වෙත දන්වා ඇත.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 32 posts in ගොසිප් category
Recommended for you
බල්ලාගේ වැඩය බුරුවන් කිරීම

මෙම ජයරුපවලින් දැක්වෙන්නේ බස්නාහිර පළාත් සභාව යටතේ පාලනයවන වෙස්ප්රෝ නමැති ආරක්ෂක සේවය මගින් මිගමුව මහරෝහලට...



150x728


150x728