නත්තල් දින රෑ කටියල දී පැහැර ගත් කටාන පොලිසියේ රිවෝල්වරය සමග කොල්ල කරුවන් කොටුවෙයි

පසුගිය නත්තල් දින රාත්‍රියේ පාමුර සංචාරයේ යෙදෙමින් සිටියදි කටියලදී හමුවූ  සැකකටයුතු පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී එම පොලිස් නිලධාරියෙකුගේ රාජකාරි ගිනිඅවිය පැහැරගෙන ඔවුන් දෙදෙනාට වෙඩිතබා පැනගිය මංකොල්ල කල්ලියේ සාමාජිකයන් හතර දෙනෙකු සමග රන් භාණ්ඩ ඇතුළු රුපියල් ලක්ෂ 20 කට අධික වටිනාකමකින්  යුක්ත සොර බඩු ද මෙම අපරාධ  සදහා යොදා ගත් කුඩා ලොරියක්ද පොලිසිය    විසින්  අත්අඩංගුවට ගෙන ඇත.

විමර්ශන වලදී අනාවරණය කරගත් කරුණු අනුව කටියලදී  පොලිස් නීලධාරින්ට වෙඩිතබා පැනගිය දෙදෙනා ගෙන් එක් අයෙකු වන අපරාධ නඩු හයක් සම්බන්දයෙන් වරෙන්තු නිකුත් වී තිබු එකල පන්සල පාරේ දර්සන කුමාර නමැති පළමු සැකකරු අත්අඩංගුව ගෙන ඇති අතර බුද්දික සමන්ත නමැති   දෙවන සැකකරුවන පුත්තලමේ අට්ටවිල්ලුවේ දී අත්අඩංගුවට පත්වී ඇත.

මොවුන් දෙදෙනාගෙන් කරනලද ප්‍රස්නකිරීම් වලින්අනාවරණය කරගත් තොරතුරු අනුව කැලණියේ වනවාසල එච් ප්‍රදීප් කුමාර නමැති තෙවන සැකකරුද රාජංගනයේ ප්‍රසාද් හර්ෂණ උදය නමැති සැකකරු ද සමග මෙම සාමාජිකයන් හතර දෙනෙකුගෙන් යුක්ත කොල්ල කල්ලිය අත්අඩංගුවට ගෙන ඇත. ප්‍රශ්න කිරීමේදී ලද තොර අනුව රන් ආබරණ  විදුලි උපකරණ පරිඝනක ඇතුළු සොරබඩු සොයා ගැනීමට පොලිස් කණ්ඩායම් වලට හැකිවූ බව  මිගමුව කොට්ටාශයේ  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියලාල් දසනායක මහතා පැවසීය.

පොලිස් නිලධාරීන්ට වෙඩිතබා පලාගිය සිද්දියට අදාලව විමර්ශන කටයුතු සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම  සදහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියලාල් දසනායක මහතා විසින් පොලිස් කණ්ඩායම් තුනක් වහාම පත්කර ඇත.එක් කණ්ඩායම කට මිගමුව කොට්ටාස නිතිය බලගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ගිහාන් මනෝහර මහතාද අනෙක් කණ්ඩායම් දෙකට කටාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජගත් සේනාරත්න මහතා සහ මිගමුව කොට්ටාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සුභාෂ්  ප්‍රියදර්ශනමහතාද නායකත්වය ලබාදී ඇත.

කටුනායක ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින්  රැදීසිට මිගමුව කටාන සිදුව ප්‍රදේශ වල  මොවුන් සොරකම් සිදුකර ඇත.මෙම තොරතුරු අනාවරණය වුයේ සැකකරුවන් සහ නඩු භාණ්ඩ ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග සදහා කටාන පොලිසිය වෙත අද දින  භාරදුන් අවස්ථාවේදීය.මෙම අවස්ථාවට සහකාර පොලිස් අධිකාරී ජයන්ත අතුකෝරල මහතාද සහභාගී විය.

විමර්ශන සිදුකල  කණ්ඩායම් වල සාමාජිකයන් ලෙස  සැරයන් වරුන් වන ඒ .එම්.රාහුෆ්,එච්.එම.චන්දන, ඩි පෙරේරාත් අමල්, චමත්,ජයසිංහ , යන පොලිස් කොස්තාපල්වරුන් කටයුතු කළේය.

 

 

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 20 posts in All category
Recommended for you
මීගමුවේ මහාමාර්ග වල වාහන නැවැත්වීම සීමාකළ අනවසර දන්විම්පුවරු අත් අඩංගුවටගනී

මිගමුව නගරයේ විවිධ  ස්ථානවල නිසි පරිදි ලබාගත් නිත්‍යානුකුල අවසරයකින් තොරව තබාතිබු  නැවැත්වීම තහනම් ඇතුල්වීම තහනම...