පවතින වැසි තත්වය තවදුරටත්

0
47

 

අද දහවල් 12 .00 ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනයා සඳහා නිකුත් කර ඇති කාලගුණ අනාවැකියට අනුව

ඉදිරි දින කිහිපයේදීද දිවයිනේ පවතින වැසිතත්වය, තවදුරටත්පවතිනුඇතැයිඅපේක්ෂා කරන අතර දිවයින පුරා අහස වළාකුලින් බරව පවතිනු ඇත.

දිවයිනේ බොහෝ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.ඇතැම් ස්ථානවල, විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, වවුනියාව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් තරමක තද වැසිද (මි.මි.75-100 පමණ) බලාපොරොත්තු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර  අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here