පානීය ජල ගැටලුවෙන් පීඩා විදින අපේ සහෝදර සහෝදරියන්ට ජලය ලබා දෙන්නට අපිත් දායක වෙමු

මේදිනවල පවතින ඉඩෝරය  දිනපතා අවශ්‍යතා සදහා ජලය ලබාගත්ළිං  නල ළිං ඇතුළු ජලමුලාශ්‍ර සිදී යාමෙන්       කටාන  මිනුවන්ගොඩ දිවුලපිටිය ප්‍රදේශවල ජනතාවඇතුළු ගම්පහ දිස්ත්‍රික්කයේ  විශාල පවුල් සංඛ්‍යාවක් පානීය ජල ගැටලුවට මුහුණදී ඇත.

ප්‍රදේශිය ලේකම්වරු ආපදා කලමනාකරන නිලධාරීන් හා  විවිධ සංවිධාන සහ පුද්ගලයන් ජල ගැටලුවෙන් පීඩා විදින ජනතාවට දිනපතා ජලය ලබාදීම සදහා කටයුතු කරනු දක්නට ඇත.එහෙත් අවශ්‍ය ප්‍රමාණයට ජලය ලබාදීම සදහා බවුසර් සහ ජල ටැංකි ප්‍රමාණවත් නොවන බව දැනගන්නට ලැබී ඇත.

ජලය ප්‍රවාහනය කිරීම සදහා ජල බවුසර් ලබා දීමෙන් ජලය එක්රැස්කර තබා ගැනීම සදහා ජල ටැංකි ලබාදීමෙන් මෙම පුණ්‍ය  කටයුතු  සදහා දායක වනලෙස අපගේ වෙබ් අඩවිය සමග එකතුවී සිටින දෙස් විදෙස්  දයාබර හිතවතුන්ට කරුණාවෙන් ආරාධනා කර සිටිමු.

මේසදහා ඔබ කැමැත්තක්  උනන්දුවක් දක්වන්නේ නම් අපවෙත විද්‍යුත් තැපෑලෙන් හෝ දුරකථන මගින් දැනුම දීමට කටයුතු කලවිට ඔබේ දායකත්වය ලබාදීම සදහා අවශ්‍ය සම්බන්ධිකරණ කටයුතු අප  විසින් ඉටුකර දෙන්නෙමු.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 718 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
කටාන පොලිසියේ කනේපහරට සාධාරණ පරීක්ෂණයක් ඉල්ලයි

කටානේ පොලිස් ස්ථානය තුලදී ස්ථානාධිපතිවරයාගේ පහරදීමට ලක්වූ බව කියමින් රෝහල් ගතව ප්‍රතිකාර ලබන පොලිස් නිලධාරීන්...