පාර අද්දර තාවලික කඩවල කෑම බිම් වල බැක්ටීරියා විසබීජ තිබේද…..

728x150

මේ20160407_104959 දිනවල පවතින අධික රස්නය නිසා වැඩිපුරම හානි පැමිනිය හැකි අවයවය වකුගඩු බව දැනුවත් කරන වාර්තා
කීපයක් පමණක් පුවත්පත් කීපයක පලවිය වැඩිපුර පිරිසිදු ජලය පානය කරන ලෙස සහ පැනිබිම වර්ග වැඩිපුර පානය කිරීමෙන් වලකින ලෙසද දන්ව තිබුනි .මිනිසුන්ගේ දිව මෙන්මමනසද විවිදාකාර පැනිබිම සමාගම් විසින් ප්‍රචාරණය හරහා පැනිබිම සදහා නතු කරගෙන ඇත.මෙනිසා ග්‍රීස්මය පැනි බිම සමාගම් හොදින් මාර්කට් කර වතුර වෙනුවට පාට කර බෝතල් කල වතුර කුල්කර විකුණා ලාබය උපරිම කරගැනීමට සමාගම් කපටි වී ඇත.

මග දිගේ තැනින් තැන සරුවත් දොඩම් ආදී ශිත කල බිම වර්ග විකුණන තැන් නගරයේත් ගමෙත් පාරවල් අයිනේ ඇත. මේවායේ  බොහොමයක පිරිසිදුකම  අන්තිමය ශිත කිරීම සදහා යොදාගන්නේද මාළු අයිස් කිරීම සදහා  නිපදවා ඇති අයිස්ය.ඒවාද ගබඩාකර තබාගන්නේ  ලී කුඩු හෝ දහයිය දැමු බැරල්වලය. බැරල් එකෙන් ගන්නා අයිස් කැබැල්ල   ජල බාල්දියක දමා සෝදා අත්ල මත තබා කුඩුකර සාදාගත් බිම වීදුරුවට දමයි. මේ අයිස් පානයට සුදුසු නැත එමෙන්ම අයිස් සෝදන වතුර බල්දියේ වතුරද අපිරිසිදුය.පාට කිරීමට යොදාගන්නා  ඩයි අනුමත එවා නොවේ. උදේ සිට රෑ වෙනතුරු විදුරැ  සොදන්නේ එකම වතුර භාජනයේය. මේ කරුණු ටික අනුව මෙවැනි සරුවත් කරත්තයකින් තාවලික කඩයකින් අප බොන එක වීදුරුවකින් බැක්ටීරියා අහිතකර ඩයි වර්ග සමග විසබීජද ශරීර ගතවීමේ විශාල අවදානමක් ඇත. පාරවල් අයින්වල තිබෙන කුඩා පෙට්ටිකඩකවල ඉදියාප්පය තෝසයේ සිට විවිඩ ආහාරපාන විකුණති මේ කඩකරන අය ඒවා කරන්නේ දරුපවුලක් නඩත්තු කරන්නට ජීවිතය ගැටගහගන්න කරන රක්ෂාව විදියටය.

මෙම කඩ හෙට සිට වටලා නඩු දැමීම හෝ වසා දමිම කලයුතුයැයි අපි නොකියමු. කටානේ සහ මීගමුවේ  MOH කාර්යයාල දෙකක් ඇත . ඒවායේ.දොස්තර මහත්වරු නෝනමහ්වරු ඇත නගර සභාවෙ සුව කාරක සභා ඇත PHI මහත්වරු දුසින් ගණනක්‌ ඇත. මේ කවුරුවත් කවදාක වත් මේ කඩ දැක නැත දැක්කත් හොයා බලලා නැත. මේවායින් කන්නේ බොන්නේ හුදී ජනයා නිසා උන්ට මොන ලෙඩක් හැදුනත් කමක් නැත. ලොකු හෝටලයක් පරික්ෂා කරන්නට ගියාම ලැබෙන ගරු සැලකුම් මේ පෙට්ටි කඩ පරික්ෂා කරන්නට ගියාට ලැබෙන්නේද නැත සමහරවිට බලධාරීන්ට මෙවැනි ආකල්ප නිලදාරීන්ගේ මනසේ  තිබෙන්නට ඇත.

     පෙට්ටි කඩ කරන්නේත් මිනිසුන්ය එම කඩවලින් කන්නෙත් මිනිසුන්ය එම කඩවල ප්‍රමිතියක් නැති කෑම බිම ගැනීමෙන් රෝගීන් වන්නේත් මිනිසුන්ය ලොකු ලොකු හොටල්වල් සම්මන්ත්‍රණ අවශ්‍යය නැත.මේ පෙට්ටි කඩහිමියන්.නගරශාලාවට ගෙන්වා පිරිසිදුව සරුවත් හදන්න කෑම හදන්න උපදෙස් දීමත් එම උපදෙස් පිලිපදිනවාදැයි පසුවිපරම් කිරීමත් බලධාරීන්ගේ වගකීමකි යුතුකමකි.එමන්ම ඔවුන්ට අවශ්‍ය ජලය දිනකට අවස්ථා කීපයකදී ලබාදීම   විශාල වියදමක් යන කාර්යක්ද නොවේ. මෙම කඩ වලින්ද නගර ශබාව සහ ප්‍රාදේශීය සබාව බදු අයකරයි. එය  එම කඩ  පළාත් පාලන ආයතනයේ අවසරයක් මත පවත්වාගෙනන යනබව පිළිගැනීමකි. එසේනම් එමකඩ නිසිපරිදි පවත්වාගෙන යනවාද කියා සොයාබැලීම  මිගමුව මහා නගර සභාවේ සහ කටාන ප්‍රදේශිය සබවේ බලධාරින් ගේ රාජකාරියේ කොටසකි .එසේ නොකරන්නේනම් රාජකාරිය පැහැර හැරිමකි.

 

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 661 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
කටාන සමුපේ වාහන අවභාවිතයේ

කටාන විවිධ සේවා සමුපකාර සමිතියේ මහා සභා රැස්වීම  සමුපකාර ශ්‍රවනාගාරයේ අද( 28)පැවති අතර අධ්‍යක්ෂක මණ්ඩලය...