පොලිසියේ බලතලත් අතට ගත් මිගමු ව්‍යාපාරිකයෝ

මහපාරත් දෙපස පිහිටි පදික වේදිකාවේත් අයිතිකරුවෝ මෙරටේ පොදු ජනතාවයි. පාරවල් පුළුල් කිරීමේදී ඒසදහා අයිතිකරුවන්ට වන්දිගෙවුවේ රජයෙනි. රජයට එම මුදල් ලැබුනේ මජනතාව රජයට ගෙවූ බදුමුදල් වලිනි. පාර  මෙන්ම දෙපස නඩත්තු කරන්නේද පළාත් පාලන ආයතන හෝ වෙනත් අදාල රාජ්‍ය ආයතනයකි. මේනිසා පොදුජනතාවට ජනතාවට අයත් යමක් කෙනෙකුට හිතුමතේට වෙන්කර ගෙන බුක්තිවිදීමට  නිත්‍යානුකූල අයිතියක්  නැති අතර එය සදාචාර සම්පන්න ක්‍රියාවක් ද නොවේ.

කුමනහෝ හේතුවක් නිසා  මිගමුව නගරය තුල මෙවැනි අනීතික ආකාරයෙන් පාර දෙපස ව්‍යාපාරිකයන් විසින් වාහන නැවැත්වීම තහනම්  නැවැත්වීම පාරිබෝගිකයන්ට ගනුදෙනුකරුවන්ට පමණයි ආදී වශයෙන් විවිධ පුවරු තබා  විශාල ප්‍රදේශ  පුද්ගලික බුක්තියට  නතු කරගෙන ඇත.

අපගේ දැනීමේ හැටියට වාහන නැවැත්වීම සීමාකිරීමට නිත්‍යානුකුල බලය ඇත්තේ  ශ්‍රීලංකා පොලිසියටය. මෙම ව්‍යාපාරිකයන්  කරන ක්‍රියාව  නිසා පොලිසිය පිළිබදවද මහජනයාගේ කලකිරීමක්  මෙන්ම අප්‍රසාදයක්  ඇතිවීම  වැළැක්විය නොහැක.

 73 මේසමග පළකර ඇති ජයාරුපයෙන් දැක්වෙන්නේ  කොප්පර හන්දියත් පෙරියමුල්ල හන්දියත් අතර  මීටර් 50 කට වැඩි ප්‍රදේශයක් ව්‍යාපාරික ආයතනයක් විසින් නිත්‍යානුකුල බලයකින් තොරව වාහන නැවැත්වීම සීමාකර මහජනයා අසීරුවට පත් කර ඇති අන්දමයි.මිගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තුමනි මේ ඔබේ අවධානය පිණිසයි .

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 716 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
කනේ පහරකෑ කටාන පොලිසියේ දෙදෙනා රෝහලේ

කටාන පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ඊයේ රාත්‍රී කරනලදැයි කියන පහරදීමක් සිද්ධියක් සම්බන්ධයෙන් එමපොලිසියට අනුයුක්තව සේවය කරන...