බයිලා නවත්වා ඩෙංගු මර්ධනයට එක්වෙමු

අද වනවිට මිගමුව , කටාන සහ සිදුව පළාත්පාලන බල ප්‍රදේශ තුල විශාල වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තාවෙමින් ඇත.

ඩෙංගු රෝග ව්‍යප්තිය සිදුවීමට මෙම පළාත් පාලන ආයතන වල පරිපාලනයේ සිටින ප්‍රධාන විධායකයා සහ නිසිබලධාරියා වන එම ආයතනවල බලතල කාර්ය කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේ නිලධාරීන්  ඍජුවම වගකිව යුතුය.එමෙන්ම පළාත්පාලන ආයතන වල පරිපාලනයේ ඍජු අධීක්ෂණය පැවරී ඇති පළාත් සභාවේ මහා ඇමතිවරයා ප්‍රධාන සියලු පළාත් සභා මැති ඇමැතිවරුන්ටද මෙම ව්‍යශනයේ වගකීමෙන් පැනයා නොහැක.

–  

පළාත් පාලන මැතිවරණය කල්දමමින් ප්‍රාදේශිය පරිපාලනය අර්ධලෙස අකර්මන්‍ය වීමට ඉඩසලසා ඇති මධ්‍යම රජයේ සියලු මැති ඇමති වරුද මේ වසංගතයේ පංගුකාරයන් බව අපගේ අදහසයි.එමෙන්ම පරිසරය අපවිත්‍ර කරමින් මදුරුවන් බෝවීමට අවස්ථාව සලසන සියලු දෙනාම  ඩෙංගු රෝගය නිසා අකාලයේ මියයන මනුෂයන්ගේ මරණ වලට වගකිවයුතුය. මේ කිසිවෙකුටත් මිනිසුන් අකාලයේ මියයාමට සැලැස්වීමේ පාපයෙන් ගැලවිමට කිසිදු ඉඩක් නැත.

මිගමුව සහ කටානේ ඩෙංගු මරණ තුනක් මෝසම් වැසි සමග ඩෙංගු වසංගතයක් වීමේ අවධානමක්

පළාත් පාලන ආයතන වල සිටින  නිලධාරීන් ඔවුන්ගේ වගකීම නිසිපරිදි ඉටුකරන බවක් පෙනෙන්නට නැත. කසල කළමනාකරණය පිලිබදව ලෝකය පුරා පුහුණුවීම වලට ගොස් මහජන මුදල් කාබාසිනියා කරනවා මිස රැගෙන ආ දැනුමක් ප්‍රයෝගිකව ක්‍රියාවට නගනු දක්නට නැත.අඩුම තරමින් නගරයේ කානු පද්දතිය නිසිපරිදි නඩත්තු කිරීමට වත් මේ නිලධාරීන් අසමත්ව ඇත.

කුණු වර්ගකිරිම පිලිබදව  මහජනතාව දැනුවත් කිරීමේ ප්‍රයෝගික වැඩපිළිවෙලවල් වෙනුවට ඇත්තේ මාධ්‍ය සංදර්ශනය.මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇගිලෙන් ඇන පෙන්වා දුන්නත් තමන්ට පැවරී ඇති බලතල නිතිය ක්‍රියාත්මක නොකරන්නේ මන්දැයි ජනතාවට අවබෝධයක් ඇත.නඩු දමා උසාවි ගොස් රජයට දඩ මුදල් අයකර දීමට වෙනුවට විකල්ප ක්‍රම භාවිතා කරන බව කුඩාම ව්‍යාපාරිකයෙකු වන වඩේ කරත්තකරු ද දන්නා කරුණකි.

මහමග සහ අනුන්ගේ පාලුවිගොස් ඇති ඉඩම්වලට කුනුගෙනවිත් දමන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නිතිය ක්‍රියාත්මක කිරීමට පොලිස් ප්‍රජා කමිටු සමග කටයුතු කිරීම පොලිසියේ වගකීමකි.තැන තැන ගෙනත් දමන කුණු බෑග් නිරීක්ෂණයේදී පෙනීගිය කරුණනම් මේවායේ බොහොමයක යෝගට් කෝප්ප ටින් බෙලෙක්ක   වැනි ජලය රැදෙන දෑ ඇති බවයි එමෙන්ම මෙසේ කුණු ගෙනවිත් දමන අයගෙන් වැඩිදෙනෙක් ව්‍යාපාරිකයන්ය. 

අප මෙයට කලින් අවස්ථාකිහිපයකදී  පෙන්වාදී ඇති පරිදි පොලිතින් ආවරණ යොදා නීතිවිරෝධී ආකාරයට විදුලිකනුවල දුරකථන කණුවල ප්‍රචාරක පුවරු සවිකරන ටියුෂන් මුදලාලිලා ඇගලුම් කර්මාන්ත මෙන්ම එම අනවසර පරිසර හානිකර පුවරු ඉවත් කිරීමට පියවර නොගන්නා පළාත් පාලන ආයතනවල නිලධාරින්ද මේවා එල්ලන අය අත්අඩංගුවට ගෙන නීතිමගින් ක්‍රියා නොකරන පොලිසියද මේ ආවරණ තුල එකතුවන ජලයේ බෝවන මදුරුන්ගේ අයිති කරුවන්ය.

පොදු ස්ථාන අපවිත්‍ර කිරීමේ තරගයේ ප්‍රථම ස්ථානයන් ටියුෂන් මුදලාලිලා සහ ටියුෂන් ගුරුවරන් දිනා ගනී

ඩෙංගු වසංගත තත්වයකට පත්වීමේ අවධානමක් ඇති  මේ අවස්ථාවේදී සියලු දෙනා එකතුවී බයිලා ගැසීම නවතා ප්‍රයෝගික ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍යව ඇත.ඒසදහා සියලු බේද අමතක කර එක්විය යුතුය.

පන්සලේ ධර්මදේශනය අවසානයේ පල්ලියේ දේවමෙහෙය අවසානයේ මෙන්ම කෝවිලේ පුජාවෙන් අනතුරුව තම තමන්ගේ ආගමික අනුගාමිකයන්ට අක්‍රමවත් ලෙස කසල බැහැර කිරීම පාපයක් බවත් ඒ නිසා ඩෙංගු වැනි රෝග බෝවී මිනිසුන් අකාලයේ මිය යන බවත් වටහාදීම කාලින අවශ්‍ය තත්වයකි.

සබැදි පුවත්

මහජනයාට ජරාව කවන මිගමු නගරයේ අපිරිසිදු හෝටල් ආපනශාලා මුද්‍රතබා අධිකරණ ක්‍රියාමාර්ග ගන්නේ කවදාද ?

මිගමුව නගර සභාවේ නාගරික කොමසරිස් වරයාටත් ඩෙංගු නඩු වැටෙයිද ?

ඩෙංගු මදුරුවන් සදහා කටානේ නේවාසික පහසුකම් ඇත

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 716 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
කනේ පහරකෑ කටාන පොලිසියේ දෙදෙනා රෝහලේ

කටාන පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ඊයේ රාත්‍රී කරනලදැයි කියන පහරදීමක් සිද්ධියක් සම්බන්ධයෙන් එමපොලිසියට අනුයුක්තව සේවය කරන...