බස්නාහිර පළාතේ දක්ෂතම දැල්පන්දු කණ්ඩායම මිගමුව මහා නගරසභාවේන්

පැලවත්ත ක්‍රීඩාංගනයේ පැවති බස්නාහිර පළාත් පාලන ක්‍රීඩා තරගාවලියේ තරග රැසක ජය හිමිකර ගැනීමට මිගමුව මහා නගර සභාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් විය.

පසුගිය 30 දින නිමාවට පත්වූ බස්නාහිර පළාත් පාලන ක්‍රීඩා තරගාවලියේ දැල්පන්දු ශුරතාවය දිනාගනු ලැබුවේ මිගමුව මහා නගර සභාවේ දැල්පන්දු කණ්ඩායම විසිනි.

තරගය සදහා ඉදිරිපත්ව සිටි ප්‍රබල කණ්ඩායම් පරාජයට පත්කරමින් පහසු ජයක් හිමිකර ගැනීමට නගර සභා දැල්පන්දු කණ්ඩායම සමත් විය.

මෙම ජයග්‍රහණය සදහා අනුෂ්කා තුෂාරි දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකාරිනිය ලෙස විශාල කැපකිරීමක් සිදුකල බව දැල්පන්දු කණ්ඩායමේ අදහසයි  අනුෂ්කා තුෂාරි හොද  පුහුණුකාරිනියකි.ඇය ජනප්‍රිය පාසැල් කිහිපයක දැල්පන්දු කණ්ඩායම් පුහුණු කාරිනියක් ලෙසද කටයුතුකරයි.

ජවාහන හා පිටියේ තරග රැසකින් රන් රිදී සහ ලෝකඩ පදක්කම් රැසක් දින ගැනීමට සමත් වූ නරසභා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ බස්නාහිර පලාත් ක්‍රිඩා තරගාවලියේ සමස්ථ ශුරතාවයේ  තෙවන ස්ථානය දිනාගෙන ඇත.

මෙම  ජයග්‍රහණසදහා නාගරික කොමසර්ස් වරයා ඇතුළු නගරනගර සභා බලධාරීන් ලබාදුන් සහයෝගයඅගය කලයුතු බව ක්‍රීඩක ක්‍රීඩිකාවන්  ගේ අදහසි .

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 12 posts in ක්‍රීඩා category
Recommended for you
ක‍්‍රිකට් තේරීම් කමිටුවේ මහපුටුව මාරිස්ටෙලා විදුහලට

      හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩක ග්‍රෙහැම් ලැබ්‍රෝයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස පත්...



150x728