බ්යුටි සැලුන් වලට මුදල් ගෙවා මුණ කචල් කරගැනීම

අපේ පොhydraulic-facial-bed-black-ඩි එකා උසස්පෙළ කරන්නේ තාක්ෂණයයි. උගේ ටෝක්ස් එකද තාක්ෂනිකය. උගේ ප්‍රශ්නද ඒවගේමය. ඊයේ පෙරෙයිදා දවසක මගෙන් මාර ප්‍රශ්නයක් ඇහුවේය. එකත් තාක්ෂනිකය .එනම් ලංකාවේ ඕනෑම පාරක එක කිලෝ මීටරයක් ඇතුලත තිබෙන එක සමාන ව්‍යාපාරය සහ ඉක්මන්ටම වහන ව්‍යාපාරය නම් කරන්න.මගේ දැනීමේ හැටියට උත්තර කීපයක් ලබාදුනිමි.චිනෙටත් වැඩිය ලංකාවේ චයිනිස් හෝටල් තිබෙන බව මගේ මිත්‍ර චීනෙක් ද දවසක් මා සමග කි කතාව මතක් වී මම පිළිතුර ලෙස චයිනිස් යැයි දුන් පිලිතුර වැරදුනි.

ඉස්සර හද්දා පිටිසර බව කියන වන්නිය තුම්පනේ මෙන්ම දබානේද දැකිය හැකි මිරිකන මද්‍යස්ථාන හෙවත් මසාජ් ක්ලිනික් විය හැකිබව සිතා දුන් පිලිතුරද නිස්ප්‍රබ විය.

මීලගට මම කල්පනා කලේ බොහෝ විට ඕලෙවල් ද අසමත්ව.ගෙදර ඉන්න කම්මැලි කමට අටෝගන්නාමොන්ටිසෝරිය ගැනමගුල් පරස්ථාවක් කථාකරන වෙලාවටකාලයක් අපේ දුව මොන්ටිසෝරියක් කළා, සල්ලි බලාගෙනම නෙමෙයි සේවයක් විදියටයි, ගමේ දරුවන්ගේ ඇස පාදන්න උදවුවක් විදියට කලේ යනුවෙන් අම්මලා කියන්නේ මහා උජාරුවෙනි. ඕ ලෙවලුත් නැතිව දැරුවන්ට උගන්නලා දරුවන් අමාරුවේ දානවට වැඩිය ඔය මොන්ටිසෝරිය වහල දාපු එකමයි හොද අපේ  මායියා කිවේ  අපේ  ලොකු පුතාට. කපුවෙකුගේ මාර්ගයෙන් මේවගේ ටීචර් කෙනෙක් බලන්නට ගොස් මල පැනල ආපසු එන ගමන්ය.මේ අනුව මම ඔයකියන්නේ මොන්ටිසෝරි නේද කියා විමසු විට පොඩි එකා  කිවේ ආසන්නයටම අවා නැවත ට්‍රයි කරන්න කියාය.

මගේ ඊලග ප්‍රයත්නය සාර්තකවිය .පිළිතුර බියුටි සැලුන්ය.මම සිතුවේ  එම පිලිතුරෙන් පසු පොඩිඑකා ගෙන් ගැලවීයාමටය.ඊලගට  පොඩිඑකා කිවුවේ බියුටිසැලුන් ගැන මගේ අත් දැකීම ගැන වචන 180ක රචනාවක් ලියා දෙන ලෙසය.මමත් සමග හෝ තනියම අපේ මායියා බියුටි සැලුන් එකකට ගියානම් ඒ හාවා හද දකිනවා වගේ කලාතුරකිනි.දැන් කාලයේ නෝනලාට මුණ සුදුකර ගන්න තියෙන්නේ මාර උනන්දුවකි.මුහුණේ පාට ඇගේ පාටට ගැලපෙන්නේම නැත සමහර නෝනලා නොදන්නා ක්‍රීම් ගාගෙන මුණ තම්බපු ඉස්සා වගේය. අපේ නෝනා අක්කලා  ගලබොඩ වත්තේ දොලට නාන්නට යනවිට.ලොකු මල්ලි වරෙන් නාන්න යන්න කියා  මමත් සමහරවිට අපේ මලයලත් නාන්න කැන්දන් යනවා.කොකුන් පොතු අමුකහ ගලක් උඩ තියා තලා මුහුණේ උලාගෙන ටිකවෙලාවකින් මොනවහෝ සබන්ගා නාගන්නවා මිස නානාප්‍රකාර සැම්පෝ ක්‍රීම් වර්ග ඔලුවේ ඇගේ ගෑවේ නැත.වයස හැත්තෑව පැන්නත් තවමත් නෝනා අක්කාගේ ප්‍රසන්න බව අඩුවී නැත.

බියුටිසැලුන් ගැන කතාකරන විට මට මතක්  මගේ මිත්‍රයෙක් මට කියූ කථාවක් මතක් විය ඇමරිකාවේ  ලස්සන අඩු කාන්තාවන් බියුටි සැලුන් එකට ගිහිල්ල ලස්සන වෙලා එළියට එනව ලංකාවේ ලස්සන කාන්තාවන් බියුටි සැලුන් එකට ගිහිල්ල යක්කු වගේ එළියට එනව.  .

 

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 11 posts in කොත්තුව category
Recommended for you
කටානේ සහ මීගමුවේ මනාප ජන්දයෙන් ගොඩගිය මැති ඇමති වරුන්ගේ අවධානය පිණිසයි

මේ ඔබ දකින්නේ  මීගමුවත් කටානත් වෙන්කරනු ලබන දෙපා ඇළමාර්ග යයි මෙම ඇළෙහි වැසිජලය ගලායාමට ඇතිවන...