බිබිල මැදගම BOC බැංකුවේ ලක්ෂ 55 ක මුදල් සමග ATM යන්ත්‍රයේ මුදල් කුටීරය ගෑස් කටර් එකකින් කැපූ මහමොලකරු මිනුවන්ගොඩ

බිබිල මැදගම ලංකා බැංකුවේ ස්වයංක්‍රීය මුදල් ආපසු ගැනීමේ යන්ත්‍රය(ATM) ගෑස් ලාම්පුවක ආධාරයෙන් කපා ලක්ෂ 55 හකට ආසන්න මුදලක් කොල්ල කනලද කල්ලියේ තිදෙනෙක් ලක්ෂ 22 කට ආසන්න මුදලක් ද සමග අත්අඩංගුවට ගැනීමට මිගමුව කොට්ටාසයේ නිතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන් සමත් වී ඇත.

මැදගම පොලිස් ස්ථානය ආසන්නයේ පිහිටි ලංකා බැංකුවේ ස්වයංක්‍රීය මුදල් ආපසු ගැනීමේ යන්ත්‍රයේ (ATM)මුදල් කුටීරය ජනවාරි මස 20 වනදින මුදල් සමග කපාගෙන යන අතර මෙපිලිබදව විමර්ශන සිදුකල මැදගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති සාගර දයාරත්න මහතා ඇතුළු පිරිසට සැක කට‍යුතු වාහනයක අංකයක් පිලිබදව ලැබුණු තොරතුරක් ඔස්සේ කරනලද විමර්ශන අනුව එම වාහනයේ ලියාපදිංචි හිමිකරු මිගමුව ප්‍රදේශයේ අයෙකු බව සොයාගෙන ඇත.

නන්දන මුණසිංහ සහ කපිල ජයසේකරයන  නියෝජ්‍ය පොලිස් පති වරුන්ගේ   උපදෙස් අනුව  වාහනයට අදාල තොරතුරු මිගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියලාල් දසනායක මහතා  විසින්  කොට්ටාසයේ නිතිය බලගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපති ගිහාන් මනෝහර මහතා වෙත ලබාදී  ඉදිරි විමර්ශන කටයුතු පිළිබද උපදෙස් දී ඇත.

මිගමුවේ වහනය අයිතිකරුගෙන් ලබාගත් තොරතුරු අනුව මිනුවන්ගොඩ ප්‍රදේශයේ කුලියට වාහන සපයන ආයතනයකින් මෙම වහනය ලබාගෙන ඇති පුද්ගලයා උපාය ශිලිව අත්අඩංගුවට ගෙන කරනලද විමර්ශන වලින් අනතුරුව  මෙම කොල්ල කල්ලියේ සාමාජිකයන් තිදෙනෙකු සමග කොල්ල කනලද මුදලින් ලක්ෂ 22 කට  ආසන්න මුදලක් ද සොයාගෙන ඇත.

මෙම කොල්ලය මෙහෙයවා ඇති මහ මොළකරුවන මිනුවන්ගොඩ මාතම්මන  පදිංචි  ආර් එම ධම්මික තුසිත කුමාර ලංකාවේ විවිධ පළාත් වල අධිකරණ වල විභාග වන මෙවැනි මංකොල්ලකෑම්16 කට අදාල නඩු වල සැකකරුවෙකි එමෙන්ම වරෙන්තු පහක් නිකුත් වී තිබී ඇත.මොහු මිනුවන්ගොඩදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබී රුපියල් 1031500ක් සොයාගෙන ඇත.

බලංගොඩ පදිංචිකරුවෙකු වන ටි.එම යසරත්න තෙන්නකෝන් ටින්කර් සහ පින්තාරු කරුවෙකි.මොහුට සිංහල ඇතුළු විදේශ භාෂා හතරක් කතා කළහැකි අයෙකි.

ව්‍යාපාරිකයෙකුගේ පුතෙකු බව කියන බුද්ධික දනන්ජය හේරත් නැමැතිඅය අත්අඩංගුවට ගන්නා ලද්දේ ආනමඩුවේ දී වන අතර ඔහුලග තිබී රුපියල් 1159750 ක මුදලක් ද සොයාගෙන ඇත.

මෙම සැකකරුවන් විසින්මෙම මංකොල්ලය සදහා යොදාගත් මෝටර් කාරය ද අත් අඩංගුවට ගෙන ඇත.සැකකරුවන් ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග සදහා මැදගම පොලිස් ස්ථානයට භාරදීමට නියමිතයි.

සැරයන් වරුන් වන ඒ .එම්.රාහුෆ්,එච්.එම.චන්දන, ඩි පෙරේරාත් අමල්, චමත්,ජයසිංහ , යන පොලිස් කොස්තාපල්වරුන් ද මෙම පරීක්ෂණ සිදුකල කණ්ඩායමේ සාමාජිකයන් ලෙස කටයුතු කළේය.

 

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 690 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
මිගමුව රෝහලේ මාධ්‍ය වාරණයක්

ඊයේ  දහවල් පෙරියමුල්ලේ සිදුවූ අනතුරින්  රෝහල කරා රෝගීන් රැගෙන එමසහ එම හදිසි තත්වයට මුහුණදීම සදහා...



150x728


150x728