මඩම්පැල්ලේ කච්චේරියෙන් නොමැරුණු අයත් මරලා

728x150

දැනට ජිවත් වන තම සැමියා මිය ගිය ගොස් ඇති බව අගවා ව්‍යජ ලිපි ලේඛණ සකස් කර සේවා අර්ධසාදක අරමුදල ගැනීමට තැත් කල කාන්තාවක් හා ලිපිලේඛන සකස්කරන ලද හොර කචිචෙරියක් පවත්වාගෙන ගිය එහි අයිතිකරුවෙකු ඇතුළු එයට අනුබලදුන් තවත් පුද්ගලයෙකු හා කාන්තාවක් මිගමුව කොටිඨාශ විශේෂ අපරාධ විමර්ශණ ඒකකය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ඉහල මඩංපැල්ලල, සමෘද්ධිගම, අක්කරපනහ, දෙමංහංදිය, හරිචිචන්ද්‍රපුර, යන ප‍්‍රදේශවල පදිංචි හා දුනගහ බටේපොල පදිංචි ව්‍යජ කචිචෙිරියක් පවත්වාගෙන ගිය සිද්දියේ මහ මොල කරු ඇතුළු හතර දෙනෙකි.මුදල් අමාත්‍යංශයේ සංවර්ධන සහකාර විධායක නිළධාරිවරයෙකු වශයෙන් සේවය කරන දුනගහ බටේපොල පදිංචි 50 හැවරදි පුද්ගලයෙකු තම නිවස අසල ඉදිකර ඇති කාමරයක් තුල දැනට වසර ගනනාවක සිට පවත්වාගෙන යන ව්‍යජ කචිචෙිරියක් පිලිබදවලැබුනු තොරතුරකට අනුව මිගමුව කොටිඨාශ විශේෂ අපරාධ විමර්ශණ ඒකකය විසින් වටලන අවස්ථාෙවි එහි තිබූ දිවුලපිටිය, කටාන, මිගමුව, පුත්තලමල, පානදුර, නාත්තන්ඩිය, හලාවත, වෙන්නප්පුව, යන ප‍්‍රදේශවල සාමවිනිසුරු ,ප‍්‍රදේශිය ලේකම් ,සහකාර ප‍්‍රදේශිය ලේකම්, දිස්ති‍්‍රක් ලේකම්, සහ, සහතික පිටපත් කරන කිරිෙමි ව්‍යජ නිල මුද්‍රා (රබර්සීල්) 172 ඇතුළු ග‍්‍රාමනිළධාරි වරයෙකු නිකුත්කරන ලබන සහතික පොත් 2ක් තවත් රජයේ ආයතනවට අයත් සහතික කරන ලද ලිපි ලේඛණ පොත් කීපයක්ද මෙහි තිබි හමු උනු බවත් මෙම සැකකරු විසින් නිකුත් කරන ලද එක සහතිකයකට රුපියල් පහලොස් දහක මුදලක සිට රුපියල් විසි පන්දහස දක්වා අය කර ගෙන ඇති බව කරන ලද පරික්ෂණ වලදි හෙලිවි ඇති බව පොලිසිය කියයි.ka
කටාන දෙමංහංදිය හරිචන්ද්‍රපුර පදිංචි පුද්ගලයෙකුගේ සේවා අර්ධ සාදක අරමුදල ගැනිම සදහා ඔහුගේ ඛිරිය විසින් තම සැමියා මිය ගොස් ඇති බවට ව්‍යාඡු සහතික පිටපත් සකසා සේවා නියුක්තයන්ගේ අර්ථ සාදක අරමුදල වෙත යවා ඇති අතර මිය ගොස් ඇති බවට අගවන පුද්ගලයා සේවය කරන ස්ථානයෙන් මෙයට පෙර පුරවා යවා ඇති සහතික පිටපත් සේවා අර්ථ සාධක අරමුදල් කර්යාලයෙන් පරික්ෂා කිරිෙමිදී එම ලේඛණ වල දොසයක් ඇති බවට කටාන ප‍්‍රදේශිය ලේකම් කාර්යාලයට දැනුම් දී එම විස්තර එවා ඇති බැවින් එම විස්තර සොයා බලන ලෙස අදාල ප‍්‍රදේශයේ ග‍්‍රාම නිළධාරිවරයාට ප‍්‍රදේශිය ලේකම් කාර්යාලය මගින් දැනුම් දී මෙන් පසු එම පුද්ගලයා පිලිබද කරුණු සෙවිෙමිදි මෙහු මියගොස් නැති බවත් දැනට ජිවත් වන බව ග‍්‍රාම නිළධාරි වරයා ප‍්‍රදේශිය ලේකම් කාර්යාලයට දැනුම් දීමෙන් පසු පොලිසියට කරණ ලද පැමිණිල්ලකට අනුව ව්‍යජ ලේඛණ සාදාදුන් පුද්ගලයා හා මිය ගිය බවට ව්‍යජ ලිපි ලේඛණ ඉදිරිපත් කල කාන්තාව එයට අනුබල දුන් තවත් පුද්ගලයෙකු හා තවත් කාන්තාවක් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන පසු ගිය  අධිකරණයට ඉදිරිපත් කරිමෙන් පසු මැයි 10 දින දක්වා රක්ෂිත බණ්ධනාගාර ගතකරන ලෙස මිගමුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියොග කලේය.
මිගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුර අබේවික‍්‍රම මහතා සහකාර පොලිස් අධිකාරි රෝහණ ගමගේ අංක 1 යන මහත්වරුන්ගේ අධික්ෂණය යටතේ මෙම වැටලීමට සිදු කරණ ලද්දේ මිගමුව කොටිඨාශ විශේෂ අපරාධ විමර්ශණ ඒකකයෙ ස්ථිනාධිපනි පොලිස් පරික්ෂක සුනිල් කරුණාතිලක පොලිස් සැරයන් වරුන් වන අජිත් ප‍්‍රසන්න 19266 කුමාරසිංහ. 18533 පො කො විරක්කොඩි. 33586 පෙරේරා .13110 පො කෝ  ගමගේ .යන නිළධාරිහුය.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 661 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
කටාන සමුපේ වාහන අවභාවිතයේ

කටාන විවිධ සේවා සමුපකාර සමිතියේ මහා සභා රැස්වීම  සමුපකාර ශ්‍රවනාගාරයේ අද( 28)පැවති අතර අධ්‍යක්ෂක මණ්ඩලය...