මහජනයාට ජරාව කවන මිගමු නගරයේ අපිරිසිදු හෝටල් ආපනශාලා මුද්‍රතබා අධිකරණ ක්‍රියාමාර්ග ගන්නේ කවදාද ?

මිගමුව  මහජන සෞඛ්‍ය පරීක්‍ෂක මහත්වරු මේ දිනවල නගරයේ ආපන ශාලා  පරික්ෂා කිරීම් සිදුකරන අතර එය ඉතාමත් හොද කටයුතක් මෙන්ම එය  ඔවුන්ගේ රාජකාරියේම කොටසකි. පරීක්ෂාවෙන් අනතුරුව දැනුවත් කිරීමත් බරපතල ලෙස  ජනතාවගේ සෞඛ්‍යට හානිවන ලෙස සකස්කල   ආහාරපාන  අලෙවි කරන්නේනම් ඔවුන්ට එරෙහිව නිත්‍යානුකූලව ක්‍රියාකිරීමත්කලයුතුය. 18

නගරයේ ඕනෑම ව්‍යාපාරයක් පවත්වාගෙන යාමසදහා වෙළද බලපත්‍රයක් ලබාගත යුතුය.වෙලදබලපත්‍රය නිකුත් කරන නිලධාරියා එය ලබාදිය යුත්තේ එම ස්ථානයේ අදාල ව්‍යාපාරය පවත්වාගෙන යාමට අවශ්‍යය මුලික අවශ්‍යයතා සපුරා ඇත්නම් පමණි.  වෙළද  බලපත්‍රයක්  ලබානොගෙන පවත්වාගෙනයන ආපනශාලා නගරය තුල ඕනෑතරම් ඇත.මිපුර මාළු මාර්කට් එක අසල සහ උසාවිය අසල පවත්වාගෙන යන තේ සහ කෑම කඩ  ගැන  මහජන සෞඛ්‍ය පරීක්‍ෂක මහත්වරුන්ගේ ඇස කිසිදිනක යොමුවූ බවක් පෙනෙන්නට නැත.

16මෙම සමහර කඩවල සෞඛ්‍ය නීති අමු අමුවේම උල්ලංගනය කරමින් කටයුතුකරයි. ලොකුලොකු හෝටල් වලට පෙර පරික්ෂාකර නිවැරදි කලයුතේ මෙවැනි ස්ථානයි මන්ද මෙම තැන්වලින් ආහාරපාන මිලට ගන්නා වැඩිපිරිසක්ද මේවායේ අලෙවිකරණ  ආහාරපාන වල තත්වය පිලිබදව උනන්දුවක් නොදක්වන පිරිසක් වීමයි.  පාසැල් සිසුන් විසින් භාවිතා කල එක්සයිස් පොත් සහ කාර්යාලවලින් ඉවත් කල පොත්පත් වලින් සදානලද බැග්වලට  වඩේ වැනි අහාර බහා දෙනුලැබේ.

17නගරය පුරාම ඇති තෝසා කඩවල බයිට් කඩවල මෙම අපවිත්‍ර බාවිතා කල කඩදාසි වලින් සාදනලද  බෑග් වල අසුරා අහාර දීමබහුලව සිදුකරයි.මෙම බෑග් අපවිත්‍ර නිසා බාවිතා කිරීම  වැරදි බව  මෙම ලියුම්කරු සයිවර් කඩ කිහිපයකදී ප්‍රකාශ කර එම බැග්වල දැමු අහාර ප්‍රතික්ෂේපකළේය.එහෙත් සයිවර් කඩ හිමියන් ප්‍රකාශකලේ මිගමුව  මහජන සෞඛ්‍ය පරීක්‍ෂක මහත්වරු වඩේ ගත්විටද මෙම බෑග්වල දමා රැගෙන යනබවයි.ප්‍රදේශයේ පාසැල් වල ඇති ආපන ශාලාවල තත්වයද ඉතාමත් අසතුටුදායකය. පාසල්වල විකිණිය නොහැකි බව චක්‍රලේඛ මගින් තහනම් අහාර වර්ග බිම වර්ග අයිස් පැකට් සියළු පාසැල් ආපනශාලා වල බාදාවකින් තොරව අලෙවිකරයි.

හිරු එලියට අනාවරණය නොවන ලෙස ගබඩාකලයුතු ප්ලාස්ටික්  බෝතල් වල ඇසුරු බිම වර්ග ජලබෝතල් ආදිය කඩවල පේව්මන්ට් එකේ හිරුඑළියට නිරාවරණය වෙමින් තබා ඇත. නරයේ ඇති බොහෝ හෝටල් වල ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයෙන් ලබාගන්නා ජලයට අමතරව මතුපිට ජලය ලැබෙන නොගැබුරු නළ ලිං සකස් කරගෙන ඇත. එම නිසා මෙම අය භාවිතාකරන ජලය පරික්ෂා කිරීමක්ද කලයුතුය.

7ආපනශාලාවල සිටින සේවකයන් ගේ සෞඛ්‍ය පරීක්ෂණ වාර්තාවක් තිබියයුතු උවත් සමහර ආපනශාලා වල චර්ම රෝගීන්ද සේවය කරනු දක්නට ඇත. හෝටල් වල අපිරිසිදුකම් ඇත්නම්  ඒවාට ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍යනිලධාරිවරයා ප්‍රමුක ඔහුගේ කාර්ය මණ්ඩලය වගකිවයුතුය. එයින්ද වැඩිවගකිමක් ගතයුත්තේ එම ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වරයාය. හෝටල් වැටලීම පරික්ෂා කිරීම් නිරන්තරයෙන් සිදුකල යුතු අතර වැරදිකර අසුවන අය නීතිමය නොවන ක්‍රියාමාර්ග  මත නිදහස් නොකළ යුතුය.

මහජනයාට අපිරිසිදු අහාර පාන අලෙවිකරන ආපනශාලා මුද්‍රාතබා නඩු පැවරීම සෞඛ්‍ය වෛද්‍යනිලධාරිවරයා ගේ වගකීමක් මෙන්ම  යුතුකමකි. මන්ද ඔහුටත් කාර්යමණ්ඩල යත්  වැටුප් සහ දීමන ලබන්නේ ජනතාවගේ බදුමුදලින් වන බැවිනි.

මිගමුව සෞඛ්‍ය වෛද්‍යනිලධාරිතුමනි  මේ ඔබේ අවධානය පිණිසයි .

(සංවාධයට  විවුර්තයි)

728x150

One Comment

Leave a Reply

More 775 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
ඩුබායි රැගෙන යන්න ගෙනා ලක්ෂ 30 වල්ලා පට්ටා රාජසන්තකයි දඩය ලක්‍ෂ 3 යි

රුපියල් ලක්ෂ 30 ක් පමණ වටිනා වල්ලපට්ටා කිලෝ ග්‍රෑම් 50 ක්  නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත...



150x728