මාරිස්ටෙලා විදුහලේ ෆොන්සේකා සහෝදරතුමා මියගියේ ඩෙංගු රෝගයෙන්

0
10

මාරිස්ටෙලා  විදුහලේ ගුරුවරයෙකු මෙන්ම  ප්‍රාථමික අංශයේ හිටපු විදුහල්පතිවරයෙකු  වූ මිගමුව මීරිගම පාරේ මර්සලින් නිවසේ පදිංචිව සිටි ඔබ්බෙරියගේ ජෝෂප් කුවින් ෆොන්සේකා සහෝදර තුමා(79) ඩෙංගු  රක්තපාත උණ රෝගය වැලදී මිගමුව දිස්ත්‍රික් මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජුලි 26 දින  මිය ගොස් ඇති බව වාර්තාවේ

මෙම කරුණු වාර්තා වුයේ  එම සහෝදරතුමා ගේ මරණය පිලිබදව මිගමුව නාගරික හදිසිමරණ පරීක්ෂක වෛද්‍ය සිරිජයන්ත වික්‍රමරත්න මහතා ඉදිරියේ  පැවති  හදිසි මරණ පරීක්‍ෂණයේ දිය.

මෙම මරණය පිළිබද පශ්චාත්මරණ පරීක්ෂණය මිගමුව මහරෝහලේ විශේෂඥය අධිකරණ වෛද්‍ය නිලධාරී එම් එන් රුහුල් හක් මහතා  විසින් පවත්වා ඇත  එම  පශ්චාත්මරණ පරීක්ෂණ වාර්තාව සහ ඉදිරිපත් වූ සාක්ෂි අනුව මෙම මරණය ඩෙංගු රක්තපාත උණ රෝගය සහ වකුගඩු අසාදනයෙන් සිදුවූ මරණයක් බවට මිගමුව නාගරික හදිසිමරණ පරීක්ෂක වෛද්‍ය සිරිජයන්ත වික්‍රමරත්න මහතා තීරණය කළේය.මිගමුව පොලිසියේ සැරයන් ටිකිරි බණ්ඩා ( 7161) මහතා සාක්ෂි මෙහෙය විය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here