මැයි මාසයේදී පමණක් කුරණ ගමේ 300 කට ඩෙංගු හැදිලා

0
9

මිගමුව කුරණ දුම්රිය පොළ අවට ශාන්ත අනා පාර ශ්‍රී වික්‍රම රාජසිංහ පාර විජය පාර රත්නමාවත යන ප්‍රදේශ ආශ්‍රිතව මැයි මාසය තුල පමණක් ඩෙංගු රෝගීන් 300 ක් පමණ වාර්තා වී ඇතිබව දැනගන්නට ඇත.

මෙයට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ පොදු කානු පද්දති වල ජලය බැස නොයාම  දුම්රිය මාර්ගය සහ මහාමාර්ගය අතර ඇති කොටසේ ඇති ලදු කැලය නගර සභාව හෝ දුම්රිය දෙපාර්තමේතුව විසින් එළිපෙහෙළි නොකෙරිම නිසා එම කැලයට කසල බැහැරකිරීම. එම කසලවල ඇති යෝගට් කෝප්ප පොල්කටු වල ජලය පිරි මදුරුවන් බෝවීම. බව ප්‍රදේශ වාසින් ප්‍රකාශ කරයි.

එමෙන්ම  අයිති කරුවන් විසින් නඩත්තු නොකරන කැලයෙන්යටවී ඇති  ඉඩම් වලට විවිධ පුද්ගලයන්  කසල බැහැර කිරීමද මදුරු ගණත්වය වැඩිවිමට ඍජුව බලපා ඇති හේතුවකි.එමෙන්ම ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයන්ට එරෙහිව නිතිය ක්‍රයාත්මක කිරීමේ දුර්වලතාවයන්ද මදුරු ගණත්වය වැඩිවීමසදහා බලපා ඇත.

කුරණ ප්‍රදේශයේ ඩෙංගු පැතිරීමේ බරපතලකම නිසාමපසුගිය     ඉරිදා දේශනාවේදී ශාන්ත අනා දෙවුමැදුරේ පියතුමා විසින්ද නගර සභාවේ සහ මහජන නියෝජිතයන්ගේ දුර්වල මැදිහත්වීම වීම පිලිබදව සදහන් කර ඇත.

සබැදි පුවත්

මිගමුව සහ කටානේ ඩෙංගු මරණ තුනක් මෝසම් වැසි සමග ඩෙංගු වසංගතයක් වීමේ අවධානමක්

මිගමුව නගරසභාවත් පරිසර නීති කඩයි

මීගමුව නගරයේ ඩෙංගු පරික්ෂාවට එන කළු කලිසම් සුදුකමිස ඇදගත් පගා මරුවන් කවුද ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here