මිගමුවේ වෙරළ උද්‍යානයේ වෙළෙදුන්ට අදාල නැති පාරිභෝගික ආරක්ෂණ පනත

සරුංගල් සැණකෙළියේදී බලධාරීන් නිළධාරින් සංවිධායකයන් ගේ අවධානයට ලක්නොවූ කරුණු කිහිපයක් මෙම ලිපිය සහ තවත් ලිපිකිහිපයක් මගින් අදාල බලධාරීන් වෙත යොමුකර ජනතාවට හිමි අයිතීන් දිනාදීමත් අනීතික කටයුතුකරණ පුද්ගලයින් දැනුවත් කර ඔවුන් නීති ගරුක පුද්ගලයින්සේ කටයුතුකිරීමට යොමුකිරීමත් අපේ අපේක්‍ෂාවයි.මෙම ලිපිය සදහා අවශ්‍ය තොරතුරු මෙම ලියුම්කරු විසින් පුද්ගලිකවම ගවේෂණය කර  තහවුරු කරගෙන ඇත.

201දිනය 2016 අගෝස්තු මස 28 වන ඉරිදා වෙලාව   සවස 3.30 පමනවන්නට ඇත.ජාතික  සරුංගල් සැණකෙළිය නරබමින් එය ජයාරුපයට නගමින් සිටි මට මගේ පැරණි මිත්‍රයෙකු කලකට පසු මුණගැසුණි .ආ ගිය තොරතරු කථා කරමින් සිටි අපට  දැඩි හිරු රස්මිය නිසා ඇතිවූ පිපාසය සංසිදවා ගැනීමට පොඩිකාලේ කාපු  අලියාගේ ගෙදර ලකුණ අයිස් පලමක් කමුදැයි මගේ මිත්‍රයා කල යෝජනාව අනුව අපදෙදෙනා එතන නවතා තිබු  ජංගම රථයකින්  වොන්ඩර් බාර් අයිස් පලම් දෙකක් මිලදි ගත්තෙමු .අයිස් පලමක ලකුණු කර ඇති මිළ  රුපියල් පනහක් උවත් අපෙන් අයිස් පලමක් සදහා රුපියල් හැට බැගින් ලබාගෙන තිබුණි. මෙ පිලිබදව අලියාගේ ගෙදර ලකුණ ජංගම රථයයේ අලෙවි කරුගෙන් විමසු විට ඔහු කියා සිටියේ සදහන් මිල 50 උවත් ආයතනයෙන්  දීඇති උපදෙස් අනුව     රුපියල් හැටක් අයකරන බවයි.

මෙපිලිබදව පාරිභෝගික අධිකාරියට  දැනුම් දියයුතු බවට මමයෝජනා කලවිට මිතුරා කිවේ අයිස්  පලමට වැඩිපුර ගන්නේ රුපියල් දහයයි  අරකඩේ රුපියල් 70/=වේ වතුර බෝතලය විකුණන්නේ 100/=ට රුපියල් අනුවේ පැන්ටා බෝතලය විකුණන්නේ රුපියල්150 /=ට මෙය සියසින්ම දැකගත යුතුයයි කල්පනා කල මා මිතුරා සමග ගොස්  වතුර බෝතලයක් සහ පැන්ටා බෝතලයක් මිලදී ගත් තෙමු බෝතල් දෙකම සදහා වටිනාකම රුපියල්160/=කි කඩහිමියා අයකළ මුදල රුපියල්250 /= කි මේ අනුව කඩහිමියා ලකුනුකල මිලට වඩා රුපියල්90/=ක් ලබා ගන්නාලදී  මෙපිලිබදව කඩහිමියා ගෙන් විමසුවිට ඔහු කිවේ මෙතන අය කරන්නේ ලකුණු කල මිලනොව තමන් විකුණන මිල බවත් අනවශ්‍යය නම් මිලදී නොගෙන සිටිය යුතු බවයි .

202මෙ කරුණු පිලිබදව පාරිභෝගික  ආරක්ෂණ අධිකාරියට  දැනුම් දීමට 1977 අංකයට ඇමතු විට දීර්ග පටිගත කිරීමකට සවන් දීමට සිදුවිය.ඉන්පසු  එමගින් ලබාදුන්  ක්ෂණික  වැටලීම් ඒකකයේ අංකය වන 0771088907 ජංගම දුරකතනයට ඇමතුම් කිහිපයක් ලබාගත් නමුත් පිළිතුරු ලැබුනේ නැත.ඉන්පසු කෙටි පණිවුඩයක් තැබුවෙමු අදටත්එම නිළධාරියා කතා කලේ නැත.

පාරිභෝගික ආරක්ෂණ පනත අනුව ඇසුරු මේ සදහන් මිලට වැඩියෙන් අලෙවිකිරීම වරදකි මේ සදහා  නඩු පැවරිය හැකිය වරදකරුවන්ට දඩ මෙන්ම සිරදඩුවමක් ද නියමකළ හැකිය. ඒසදහා පළමුව වරදකරුවන් අල්ලා ගතයුතුය. ඒසදහා මහජනතාවගේ  බදු මුදලින් වැටුප් ගෙවා නඩත්තු කරන නිලධාරීන් සභාපතිවරුන් අධ්‍යක්ෂ කවරුන් ද ඇත.  ක්ෂණික  වැටලීම් ඒකකයේක් ද ඇත. රාජකාරි දුරකථන ලබාදී ඇත.එහෙත් ඒවාට පැමිණිලි කිරීමට කථාකලාට හලෝ කියන්නේ නැත.මේ නිසා කුට වෙළදුන්ට  පාරිභෝගිකයා  සුරාකෑමට දොරටු විවුර්ත කර ඇත. පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ සභාපති තුමනි මේ ඔබේ අවදානයපිණිසයි.

 

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 686 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
දෙමවුපියන් නැති දරු තිදෙනාට කටාන පොලිසියෙන් නිවසක්- ඔබටත් සම්මාදම් වීමට ඉඩක්

දෙමවුපියන් නොමැති අනාරක්ෂිත නිවසක ජිවත්වන එකම පවුලේ   දරුවන් තිදෙනෙකුට කටාන පොලිසියේ මැදිහත් වීමෙන්   අංගසම්පුර්ණ නිවසක්...



150x728


150x728