මිගමුව කුරුණෑගල පුද්ගලික බස් වර්ජනයකරයි

මාර්ග අංක 34 මිගමුව කුරුණෑගල පුද්ගලික බස්රථ මේවනවිට වර්ජනයක් ආරම්භ කර ඇත.වර්ජනය පිලිබදව ලංකා පුද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතාගෙන් අප විමසීමක් කළේය .

මාර්ග අංක 34 මිගමුව කුරුණෑගල  පුද්ගලික බස් වර්ජනයක් ක්‍රියාත්මක බව තහවුරු කල ඔහු වැඩිදුරටත් ප්‍රකාශකලේ තංගල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුට නියමිත  ක්‍රියාපිලිවෙතින් බැහැරව මාර්ග බලපත්‍රයක් නිකුත් කිරිමට විරෝධය දැක්වීම සදහා මෙම වර්ජනය ක්‍රියාත්මක කල බවයි.

මෙම කරුණ පිලිබදව අදදින ප්‍රවාහන අමාත්‍ය වරයා සමග කරන සාකච්චාවේදී සාධාරණ විසදුමක් ලැබෙනු ඇතිබවට විශ්වාසය පලකල විජේරත්න මහතා මෙම මාර්ග බලපත්‍ර නිකුත් කිරීම පිලිබදව අල්ලස් හෝ දුෂණ කොමිසමට පැමිණිලි කරන බවද සදහන් කළාය.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 137 posts in දේශපාලනය category
Recommended for you
නියෝජ්‍ය ඇමති නිමල් ලාන්සා ගෙන් අභියෝගයක් ?

පුලු වන්නම් බැදුම්කර ගනුදෙනු වෙන් මෙරටට මෙරටේ ජනතාවට වංචාවක් සිදුවී නැතැයි ප්‍රසිදියේ ප්‍රකාශ කරන ලෙස...



150x728


150x728