මිගමුව දිස්ත්‍රික් මහ රෝහල රෝගිවීමේ අවධානමක ?

0
7

මිගමුව මහරෝහලේ අංක 3 සහ 4 වෛද්‍ය වාට්ටු වල සහ  ළමා වාට්ටුවේ නේවාසික  රෝගීන්ගේ විශාල වර්ධනයක් ඇතිවී ඇත.ඩෙංගු රෝගීන් සහ මේ දිනවල පවතින වෛරස් උණ රෝගයක් හේතුවෙන් රුදිර පට්ටික අඩුවීම වැනි සංකුලතා නිසා රෝහල් ගත කිරීමට සිදුවන රෝගීන්ගේ ප්‍රමාණය වැඩිවීම මෙයට එක හේතුවක්  බව අපගේ රෝහල් ආරංචි මාර්ග වලින් දැනගැනීමට ලැබී ඇත. මෙනිසා රෝහල තුල හදිසි තත්වයක් පැනනැගී ඇත.මේ සදහා කඩිනම් විසදුම ලබාදීම පලාතේ මෙන්ම මධ්‍යම රජයේ සෞඛ්‍ය බලධාරීන්ගේ වගකීමකි.

මෙම ලියුම් කරු පසුගිය දිනක අළුයම 3 ට පමණ රෝගියකු ඇතුලත් කිරීම සදහාඅංක  4 වෛද්‍ය වාට්ටුවට ගිය අතර එම මොහොතේ දුටු  දර්ශන ඕනෑම සංවේදී පුද්ගලයෙකුගේ හද සසල කරනු ඇත.රෝහල් වාට්ටුවේ පොළවේ ඉඩ ඇති සෑම තැනකම වගේ රෝගීන් නිදා සිටි අතර පුටුවල වාඩිවී නිදාසිටි රෝගීන් පිරිසක්ද දක්නට ලැබුණි.ඇදන්වල දෙදෙනෙකු අවම වශයෙන් සිටිනු දක්නට ලැබිණී

වාට්ටුවේ වෛද්‍ය වරුන් හෙද කාර්ය මණ්ඩලය උපස්ථායකයන් කනිෂ්ට කාර්ය මණ්ඩලය සියලු දෙනාම රාජකාරි කටයුතු සිදුකිරීමේදී දැඩි පීඩනයකට සහ වෙහෙසකට  ලක්වී ඇතිබව දැකගැනීමට ලැබිණී.මෙම තත්වය තුල රෝගි සත්කාරක  සේවා වල අත පසුවීම් මෙන්ම  වාට්ටුවල කාර්ය මණ්ඩලය රෝගාතුර වීමද සිදුවිය හැකිය.

මේනිසා දැනට කඩිනමින් තාවකාලික පදනමකින් හෝ හෙදියන් වෛද්‍ය වරුන් වෙනත් ආසන්නයේ ඇති රෝහල් වලින් අනුයුක්ත කිරීමට හෝ පියවර ගතයුතුව ඇත. අවම වශයෙන් ලේ සාම්පල් ලබාගැනීම වැනි කටයුතු කිරීමේදී  සහය දැක්වීමට හදිසි අවශ්‍ය තාවයක් ලෙස සලකා හෙද විදුහල්වල පුහුණුව ලබන මිගමුව අවට ස්ථිර පදිංචිය ඇති අවසන් වසරේ පුහුණු වන පිරිසක් හෝ අනුයුක්ත කල හැකි නම් එය මෙම අවස්ථාවේදී යම් තරමින් හෝ සහනයක් වනු ඇත.

මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය වරයා බස්නාහිරපළාත් සභාවේ මහා ඇමතිවරයා ඇතුළු  ප්‍රදේශය නියෝජනය කරන සියලු මහජන නියෝජිතයන්ගේ අවදානය පිණිසයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here