මිගමුව නීතිඥ සංගමයේ ගංවතුර සහනාධාර රත්නපුරයට

මිගමුව නීතිඥ සංගමය සංවිධානය කල ගංවතුරෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ වැඩසටහන ඉතාමත් සාර්ථකව නිමකළ බව එම සංගමය ප්‍රකාශකරයි විනිසුරුවරුන් ප්‍රමුක අධිකරණ කාර්ය මණ්ඩල නීතිඥවරුන් ඇතුළු පරිත්‍යශීලින්ගෙන් එක්රැස්වූ ආධාර සංගමයේ සාමාජිකයන් විසින්ම රැගෙන ගොස් රත්නපුර ජේසුබිළිදුන්ගේ කන්‍යාරාමයේ කන්‍යා සොහොයුරියට බාරදී ඇත.එම ආධාර සහනාධාර අවශ්‍ය ජනතාව වෙත බෙදාදීම එම කන්‍යාරාමය විසින් නිසිපරිදි සිදුකර ඇත.මෙම සද්කාර්යට දායක වූ සියලු දෙනාටම පුණ්‍යානු මෝදනා සහිතව ස්තුති කරන බවද මිගමුව නීතිඥ සංගමය ප්‍රකාශ කරයි

මෙම ආධාර වැඩ සටහනේ දෙවන අධිරය ලෙස පාසැල් දරුවන්ගේ පොත් පත් උසස්පෙළ සහ සාමාන්‍ය දරුවන්ට අවශ්‍ය ලියන ලද සටහන් සහිත පොත් ඇතුළු අනෙකුත් අවශ්‍යතා ඉටුකිරීමට බලාපොරොත්තුවන බව ප්‍රකාශකරණ මිගමුව නීතිඥ සංගමය වැඩිදුර තොරතුරු සදහා   0773748387 ඉන්දික 07772915226 ශ්‍රී ලාචන 0777717267 රොබට්  යන නීතිඥ මහත්වරුන් අමතන ලෙසද ඉල්ලා සිටි.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 694 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
මිගමුව රෝහලට – ජීවන්ත ගෙන් කොට්ට

මිගමුව දිස්ත්‍රික් මහරෝහලේ නේවාසික රෝගීන්ගේ ප්‍රයෝජනය සදහා කොට්ට පරිත්‍යාග කිරීමක් සිදුවිය. උසස්ම ප්‍රමිතියක් ඇති මෙම...



150x728


150x728