මිගමුව පන්සල පාරේ නිවසක ජනේලයකින් ඇතුළු වී ජංගම දුරකථන සොරකම් කල වයස 14 පාසැල් සිසුන් අත් අඩංගුවට

rbvs0020365කලක් බංකු නිලධාරියෙකු ලෙස සේවය කර විශ්‍රාම ගෙන කැනඩාවේ  පදංචි  පුද්ගලයෙකු විසින් 2016.06.30 සහ 2016.10.08  දෙදින පොලිසියට  කරන ලද පැමිණිලි වලට අනුව මිගමුව පන්සල පාරේ පිහිටි ඔහුගේ නිවසට ඇතුළුවී  එක  අවස්ථාවක  ජංගම දුරකථනයක් සහ ටැබ් එකක්ද අනෙක් දිනයේ ජංගම දුරකථනයක් ද සොර ගෙන ගොස් ඇත.

මෙම පැමිණිලිවලට අනුව  2016.10.18.දින සිට දුරකතනයේ එමි අංකය  ඇසුරින් මෙම දුරකථනය බාවිතා කරන පුද්ගලයා හදුනා ගැනීමට පොලිසියට හැකිවිඇත.මෙම  පුද්ගලයා  ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් ව්ලදී තම  පුතාගේ පන්තියේ යාළුවකු ගෙන් තම පුතාට එම දුරකථනය  ලැබීඇති බව එම පියා විසින් ප්‍රකාශකර ඇත.

 මෙම කරුණු  ඔස්සේ     කරනලද  පොලිස් පරීක්ෂණවලදී අනාවරනය වූ තොරතුරු මත  පන්සල පාරේ  පදංචි  9 වන වසරේ ඉගෙනුම ලබන  14 හැවරිදි පාසැල්  සිසුවෙකු අත් අඩංගුවට ගෙන ප්‍රශ්නකිරිමේදී   බැංකු නිලධාරියාගේ නිවසේ  විවුර්ත කරතිබූ ජනේලයකින් ඇතුළුවී මෙම දුරකථන  ලබාගත් බවත් ඒ සදහා   ඔහුගේ පන්තියේම තවත් සිසුවෙකු සම්බන්ද වු බවත් ප්‍රකාශ කර ඇත.

මේ අනුව  එම සිසුවා ද අත් අඩංගුවට ගෙන ඇති පොලිසිය එම සිසුන් ගෙන් ලද තොරතුරැ අනුව පරීක්ෂණ පවත්වා  මිගමුව කටුවාපිටිය පාරේ  ටි සී  සොලුසන්  නමැති ආයතනයේ  හිමිකරු බව කියන  වර්ණකුලසුරිය  තරිඳු නදීෂාන්  ප්‍රනාන්දු යන අය රුපියල් 1000/=ක් වැනි සුළු මුදලකට මෙම  එක දුරකතනයක්  මිලදීගෙන ඇතිබව  සොයා ගෙන ඇත.

 ඒ අනුව  ඔහු ද ප්‍රශ්න කිරීම සදහා  අත් අඩංගුවට  ගෙන ඇති අතර  සැකකරුවන් අධිකරණය හමුවට පැමිණවීමට  නියමිතයි.

 ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියලාල් දසනායක මහතා ගේ උපදෙස් හා  මගපෙන්වීමෙන්  සහකාර පොලිස් අධිකාරී(1) ලලිත්රෝහණගමගේ මහතා ගේ අධික්‍ෂණයෙන් මිගමුව පොලිස් අධිකාරී කොට්ටාශයේ  නිතිය බලගැන්වීමේ ඒකකයේ  ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඩි.ආර් .ඒ .ගිහාන් .මනෝහර මහතා  විසින්  විමර්ශන කටයුතු සිදුකල අතර සැරයන් වරුන් වන ඒ .එම්.රාහුෆ්,එච්.එම.චන්දන, ඩි පෙරේරාත් අමල්, චමත්,ජයසිංහ , යන පොලිස් කොස්තාපල්වරුන් ද පරීක්ෂණ කණ්ඩායමේ සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කර ඇත.

 

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 718 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
කටාන පොලිසියේ කනේපහරට සාධාරණ පරීක්ෂණයක් ඉල්ලයි

කටානේ පොලිස් ස්ථානය තුලදී ස්ථානාධිපතිවරයාගේ පහරදීමට ලක්වූ බව කියමින් රෝහල් ගතව ප්‍රතිකාර ලබන පොලිස් නිලධාරීන්...