මිගමුව මලාපවහන ගැටලුව අවසන් අධියරේ

728x150

DSC_0148

 
මීගමුව නගරයේ මලාපවහන හා සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීමට පියවර ගන්නා බව නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරිය පවසයි…..

මීගමුව නගරයේ ආරම්භ කිරීමට යෝජිත මලාපවහන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය භූමිය ලබා ගැනීම සඳහා මීගමුව ආසනය නියෝජනය කරන දේශපාලන නියෝජිතයන් හා අදාළ රාජ්‍ය ආයතන වල නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රධානත්වයෙන් 2016.04.01 දින පෙරවරුවේ මීගමුව නගර සභාවේ දී පැවැත්විණි.

ප්‍රංශ ආධාර යටතේ ඉදි කිරීමට යෝජිත මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන දාසය දහසක (රු.16,000.00) ණය ආධාරයක් ලබා දෙන අතර පවතින ගැටළු කඩිනමින් විසදා ගනිමින් මෙම ව්‍යාපෘතිය  ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස රාජ්‍ය අමාත්‍යවරිය අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.මෙය මලාපවාහන හා සනීපාරක්ෂාව පිළිබඳ පළමු පියවර වන අතර ඒ යටතේ දෙවන අදියරක් ද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරිය පැවසුවාය.මෙම අවස්ථාවට නගරධිපති ඇන්ටන් ජයවීර උපනගරාධිපති දයාන් ලාන්සා ඇතුළු පිරිසක්‌ සහබාගීවිය

සුමිත් කාරියවසම්,

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 661 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
කටාන සමුපේ වාහන අවභාවිතයේ

කටාන විවිධ සේවා සමුපකාර සමිතියේ මහා සභා රැස්වීම  සමුපකාර ශ්‍රවනාගාරයේ අද( 28)පැවති අතර අධ්‍යක්ෂක මණ්ඩලය...