මිගමුව මහරෝහලේ ඩෙංගු රෝගීන් ස්කෑන් කරන්න වෛද්‍යවරයාට ලගට මීටර් සියගණනක් ගෙනයාම රෝගී ජීවිත අවධානමට ලක්කිරීමක් ?

ඩෙංගු කළමනාකරණය පිලිබදව බොහෝ දෙනාගේ ඇගයීමට ලක්ව ඇති මිගමුව දිස්ත්‍රික් මහරෝහල ඩෙංගුරෝගීන් විශාල පිරිසකගේ ජිවිත බේරාදීමට කටයුතු කරණ රෝහලකි.   වෛද්‍යවරුන්,  හෙද, හෙදියන්,  උපස්ථායකයන්,  සහ රෝහල් කාර්යමණ්ඩලයේ, අනෙකුත් සාමාජිකයන් ඉතාමත් අවිවෙකිව තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් සහ වැඩකොටස ඉටුකරනු දක්නට ඇත

.එහෙත් ඩෙංගු රෝගීන් ස්කෑන් පරීක්ෂණ සදහා දිවා කාලයේ දිනකටකිහිපවරක්  වාට්ටුවල සිට අලුත් වැඩියා කටයුතු සිදුවෙමින් පවතින නව ගොඩනැගිල්ලේ  හතරවන මහලට ගෙනයාමට සිදුව ඇත. රෝගීන් රැගෙන යන උපස්ථායකයන්   පවසන්නේ මෙය ඉතාමත් අවධානම් සහගත කාර්යක් බවත් .රෝගීන් තුන් හතර දෙනා එකවර ට්‍රොලි වල රැගෙන යාමේදී ට්‍රොලියක පෙරලීමක්  සිදුවුවොත් රෝගීන්ගේ ජීවිතය පවා අවධානමට ලක්විය හැකි බවයි.

අප වෙත ලැබීඇති තොරතුරු වලට අනුව ඩෙංගු ඒකකයේ මෙන්ම කායික රෝග වාට්ටුවලද  ස්කෑන් යන්ත්‍ර ඇතිඅතර  එම ඒකකවලට ස්කෑන් කරණ වෛද්‍යවරයා නොයා  රෝගීන් වෛද්‍යවරයා සිටින තැනට  රැගෙන යාම සිදුකරයි. රෝගිසත්කාරයට ප්‍රමුකත්වය නොදී ගනුලබන මෙවැනි පරිපාලන  තීරණ රෝහල තුල බොහෝ ගැටළු ඇතිකර තිබෙන බව අපගේ රෝහල් ආරංචිමාර්ග වලින් දැනගත හැකි විය. මිගමුව දිස්ත්‍රික් මහරෝහලේ  අධ්‍යක්ෂක තුමියගේ අවධානය පිණිසයි.

 

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 718 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
කටාන පොලිසියේ කනේපහරට සාධාරණ පරීක්ෂණයක් ඉල්ලයි

කටානේ පොලිස් ස්ථානය තුලදී ස්ථානාධිපතිවරයාගේ පහරදීමට ලක්වූ බව කියමින් රෝහල් ගතව ප්‍රතිකාර ලබන පොලිස් නිලධාරීන්...