මිගමුව මහරෝහලේ ඩෙංගු වාට්ටුවෙන් ගොඩ ගිය රෝගීන් ගණන 5000 ඉක්මවයි

0
33

මිගමුව මහරෝහලේ ඩෙංගු රෝගීන් සදහා ඉදිකරන ලද ඩෙංගු සායනික සහ කළමනාකරණ මධ්‍යස්ථානය පිලිබදව මේදිනවල විවිධ මත පලවෙමින් ඇත.මෙම ඒකකයේ දිග පළල තිබෙන ඇදන් ගණන මෙම ඒකකය සදහා මුදල් වෙන්කළ ආකාරය මෙන්ම ඒවා වියදම් කල ආකාරය පිළිබදවද සංවාද ඇත.

මෙම ලිපියේ අරමුණඩෙංගු කළමනාකරණ මධ්‍යස්ථානය පිහිටුවීමෙන් බලාපොරොත්තු වූ පරමාර්ථ කොතෙක් දුරට ඉටුවී ඇත්දැයි විමසා බැලීමයි මෙම ඒකකය පිහිටුවීමේ පරමාර්ථ සහ තොරතුරු එහි සවිකර තිබෙන  එලක වලින් ආරම්භ කරමු

පරාමාර්ථ සදහන් එලකයට අනුව  සියලු වයස් කාණ්ඩවලට අයත් රෝගීන්ට විශේෂඥය වෛද්‍යවරුන් ගේ එකමුතු අධීක්ෂණය යටතේ  රෝගී සත්කාරක සේවා පවත්වාගෙන යාම මෙම ඒකකය පිහිටුවීමේ පළමු  පරමාර්ථයි. වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළු වෛද්‍ය කාර්යමණ්ඩල සදහා ඩෙංගු රෝගය සදහා ඇති නවතම  ප්‍රතිකාර ක්‍රම පිළිබද පුහුණුව ලබාදීම මෙම ඒකකය පිහිටුවීමේ තවත් පරමාර්ථයකි.ඩෙංගු රෝගය පිලිබදව සායනික අධ්‍යනයන් සහ පර්යේෂණ සිදු කිරීමද පරමාර්ථයක්  වශයෙන් සදහන්ව ඇත. ළමා රෝග   විශේෂඥය වෛද්‍ය ලක්කුමාර ප්‍රනාන්දු මහතාගේ සංකල්පයක් අනුව මෙම ඒකකය ඉදිවූ බවද එලකයේ සදහන්ව ඇත.

 

ඉහත සදහන් මෙමඒකකය ජනතා අයිතියට පත් කල බව දැක්වෙන   එලකය අනුව ඩෙංගු සහ ඩෙංගු රක්තපාත උණ සදහා වූ සායනික කළමනාකරණ මධ්‍යස්ථානය ලෙස මෙම ඒකකය නම් කර ඇත. මේ සදහා  ප්‍රතිපාදන සපයා ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩෙංගු මර්ධනය සදහාවූ ප්‍රතිපාධන යටතේය.එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරනලද මෛත්‍රිපාල සිරිසේන වත්මන් ගරු ජනාධිපතිතුමා සහ  එවකට ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වූ බැසිල් රාජපක්ෂ මහතා විසින් 2013ජූලි මස15 දින මෙම ඒකකය  වීවෘත කර ඇත.

අපවෙත ලැබීඇති තොරතුරු අනුව අද වනවිට මෙම එකය මගින් ඩෙංගු රෝගය සදහා ප්‍රතිකාර ලබාදී සුවපත් කල රෝගීන් සංඛ්‍යාව 5000 ක් පමණ වනබව දැනගන්නට ඇත. එමෙන්ම සියගණනක් වෛද්‍යවරුන් සහඅනෙකුත් සෞඛ්‍ය  කාර්ය මණ්ඩල ය සදහා පුහුණුව ලබාදී තිබෙනමෙම ඒකකය දෙස් විදෙස් පැසසුමටද ලක්වඇති බවද වාර්තාවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here