මිගමුව මහරෝහල ඩෙංගු රෝගීන්ගෙන් පිරෙයි කායික වාට්ටුවල එක ඇදේ රෝගීන් දෙදෙනා බැගින් රෝගීන් ගෙනයන ට්‍රොලි වලත් නේවාසික රෝගීන්

මේ දිනවල ඩෙංගු උන රෝගය වැල දිමනිසා රෝගීවූ විශාල පිරිසක්  මිගමුව දිස්ත්‍රික් මහරෝහලට ඇතුලත් වන බව අපගේ රෝහල් ආරංචි මාර්ග වලින් දැනගැනීමට ලැබී ඇත. මිගමුව. කටාන ,මිනුවන්ගොඩ ,ජාඇල    ආදී  ප්‍රදේශ වාසීන් මෙලෙස රෝහල් ගතවී ඇත.මිගමුව මහරෝහලේ ඇති ඩෙංගු  හා ඩෙංගු රක්තපාත කළමනා කරණ ඒකකයට ඇතුලත් කරණ ඩෙංගු රෝගීන්ට අමතරව  කාන්තා හා පිරිමි කායික වෛද්‍ය වාට්ටු වලට දිනපතා විශාල වශයෙන් ඩෙංගු රෝගීන් ඇතුලත් වනබවද වැඩිදුරටත් වාර්තාවේ.මෙනිසා එක ඇදක රෝගීන් දෙදෙනා බැගින් සිටින අතර ට්‍රොලිද සමහර අවස්ථා වල ඇදන්  ලෙස බාවිතා කිරීමට සිදුවිඇත.

මේඅතර රෝහල තුල ඇති කාණුවල නිසිලෙස ජලය බැසනොයාම සහ ඉවත්කරනු ලබන අබිලි ද්‍රව්‍ය එළිමහනේ ගොඩගසා තිබීම නිසා රෝහල තුල මදුරු ගණත්වය ඉහළ ගොස් ඇති අතර ඩෙංගු මදුරුවන් බෝවීමේ අවධානමක් ඇතිවිය හැකිබවද  අපවෙත වාර්තා වී ඇත.

මිගමුව මහරෝහලේ වෛද්‍ය අධිකාරී තුමියගේ අවධානය පිණිසයි .

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 716 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
කනේ පහරකෑ කටාන පොලිසියේ දෙදෙනා රෝහලේ

කටාන පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ඊයේ රාත්‍රී කරනලදැයි කියන පහරදීමක් සිද්ධියක් සම්බන්ධයෙන් එමපොලිසියට අනුයුක්තව සේවය කරන...