මිගමුව මහරෝහල මධ්‍යම රජයට

මිගමුව දිස්ත්‍රික් මහරෝහල ශික්ෂණ රෝහලක් ලෙස පවත්වාගෙනයාම සදහා මධ්‍යම රජය වෙත පවරාදීමට තමන්  සුදානම් බව සුමිත් ලාල් මෙන්දිස් පළාත් සෞඛ්‍ය අමාත්‍ය වරයා පැවසිය එ මහතා මෙම අදහස් පලකලේ අද මිගමුව රෝහලේ පැවති සාකච්චාවක් අතර තුරදිය.

ඩෙංගුරෝගීන් විශාල වශයෙන් රෝහල් ගතවන බැවින් එම රෝගීන්ට අවශ්‍ය පහසුකම් සැලසීම පිලිබදව සාකච්චා කිරිමසදහා පළාත් සභා මන්ත්‍රීවරු රෝහල් අධ්‍යක්‍ෂක ඇතුළු වෛද්‍ය නිලධාරීන් හෙද කාර්යන් මණ්ඩලය සහ මිගමුව රෝහලේ රෝහල් කමිටු සාමාජිකයන්ද සහභාගී විය .

දැනට රෝහලට අවශ්‍ය අත්‍යවශ්‍ය උපකරණ සහ කාර්ය මණ්ඩලය කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව ප්‍රකාශ කල සෞඛ්‍ය අමාත්‍ය වරයා දැනට මන්ද ගාමිවඉදිවන බහුමහල් ගොඩනැගිල්ලේ වැඩ කඩිනම් කිරීම සදහා අවශ්‍ය පියවර ගනුලබන බවද ප්‍රකාශ කළේය පළාත් පාලන ආයතන වල සිටින කොමසාරිස් වරුන්ට  මහජන නියෝජිතයන් මෙන් තීන්දු තීරණ ගැනීමේ හැකියාවක් නොමැතිවීම ද ඩෙංගු වසංගත තත්වයක් දක්වා වර්ධනය වීමට බල පෑ එක් හේතුවක් බවද ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට කොළබ සහායක රදගුරු ගරු එම්මානුවල් ප්‍රනාන්දු  බස්නාහිර පළාත් සභා අමාත්‍ය ලලිත් වනිගරත්න පළාත්සභා මන්ත්‍රීවරුන් වන රොයිස් විජිත ප්‍රනාන්දු ,එම් සකාවුල්ලා ශාෆි රහීම්,රෝස ප්‍රනාන්දු සහ රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය නිලන්ති පතිරණ යන මහත්ම මහත්මීන් සහ භාගි විය

සාකචචාව  අවසානයේ අමාත්‍යවරයා ඇතුළු පිරිස බහුමහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කරනු ජයාරුපයෙන් දැක්වේ

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 137 posts in දේශපාලනය category
Recommended for you
නියෝජ්‍ය ඇමති නිමල් ලාන්සා ගෙන් අභියෝගයක් ?

පුලු වන්නම් බැදුම්කර ගනුදෙනු වෙන් මෙරටට මෙරටේ ජනතාවට වංචාවක් සිදුවී නැතැයි ප්‍රසිදියේ ප්‍රකාශ කරන ලෙස...



150x728


150x728