මිගමුව මහා නගර සභාවේ කසල කළමනා කරණයේ අලුත්ම තියරි

කසල කළමනාකරණය පිලිබදව අධ්‍යනය කිරිමසදහා  මිගමුව නගර සභාවට ලැබෙන විදේශිය ශිෂ්‍යත්ව සදහා පසුගිය කාලයේ  විදේශ ගතවුයේ  නගර සභාවේ කසල කළමනා කරණ කටයුතු වලට සම්බන්ද නිලධාර්න් සහ සේවකයන් නොව නාගරික මන්ත්‍රීවරුන් සහ නාගරික කොමසාරිස් වරයා ඇතුළු ඉහල නිලධාරීන් බවට දිගින්  දිගටම චෝදනා එල්ලවීමත් මාධ්‍ය වාර්තා පළවීමත් සිදුවිය.

අඩුම තරමින් විදේශ සංචාර සදහා ගිය නිලධාරින් සහ මන්ත්‍රීවරුන්  එම සංචාර වලදී ලබාගත් දැනුම  නගර සභාවේ  කසල කළමනාකරණයේ යෙදෙන නිලධාරීන්  වෙත සහ සෞඛ්‍ය අංශයේ වැඩ පරීක්‍ෂක වරුන්ට සහ කම්කරුවන්ට ලබාදීමටවත් ක්‍රියාකර නැති බව   එම අය කේෂ්ත්‍රයේ  රාජකාරි කරන ආකාරය නිරීක්ෂණය කිරීමේදී අනාවරණයව51

නගර වැසියන්ට කුණු තැන තැන නොදමන ලෙස දෙන පණිවුඩය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ සේවකයන් ට අදාල නැති බව ඔවුන් කරන කටයුතු වලින් පැහැදිලි වේ.එමෙන් ම කුණු වර්ගීකරණයද  ඔවුන් ට අදාල නැත ප්ලාස්ටික්  පොලිතින් ගිනිතැබීම සිදුකලයුතු යැයි සම්මන්ත්‍රණ වැඩමුළු තබා ඔවුන්ට උපදෙස් ලබාදී ඇති බවට සැකයක් ද මතුවේ.

මෙම නිවැරදි නොවන කටයුතු නගර ශබාවේ සෞඛ්‍ය අංශයේ වැඩ පරීක්‍ෂක වරුඉදිරි පිට දීම කම්කරුවන් විසින් සිදුකරනු දක්නට ඇත.මෙයින් ගම්‍ය වන්නේ නගර සභාවේ වැඩ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ තියරියට ක්‍රියාත්මක වන බවයි.50

ඉහත ජායරුපයෙන්දැක්වෙන්නේ නගර සභාවේ පාලනයේ පවතින කොම්පෝස්ට් අංගනයට යාබද කුරණ  මේජර් රාජ් ක්‍රීඩාංගනයෙදී  කසල කළමනාකරණයේ  මුලික සිධාන්ත පවා  කඩකරමින් සෞඛ්‍ය අංශයේ සේවකයන් කටයුතු කරන ආකාරයයි

  ක්‍රීඩාංගනයේ එකතුවන කුණු ක්‍රීඩාංගනයේ වැටෙන පිටතට විසිකිරීම කසල කලමනා කරණයක් ලෙස කම්කරුවන්ට   උගන්වා ඇත්තේ විදේශ ගතවී ලබාගත් දනුමන් දැයි සෞඛ්‍ය අංශයේ ප්‍රධානින්  බදුගෙවන නගර වැසියාට පැහැදිලි කලයුතුය.

මීගමුවේ රාත්‍රී පොලෙන් එකතුවන පොලිතින් ඇතුළු දිරන නොදිර සියළු දේ එකට දමා රේල් පාර අයිනේ තබා ගිනිතබනු දැකගැනීමට ඉරිදා උදැසනට පැමිණෙන ලෙසද අපි බලධාරීන් ගෙන් ඉල්ලසිටිමු . මෙවැනි කටයුතු සිදු කරන තවත් තැන් පිළිබද තොරතුරුද අප සතුව ඇත.

කසල කලමනා කරණයේ ආදර්ශය සහ දැනුවත් කිරීම නගර සභාව තුලින්ම ආරම්භ කලයුතුය නගර සභාවේද එම දැනුවත් කිරීම් පුහුණු කිරීම් කසල සමග ඍජුව කටයුතු කරන සෞඛ්‍ය අංශයෙන් අරම්බකිරීමට නාගරික කොමසාරිස් වරයා ක්‍රියා කරනු ඇතැයි නගරවැසියන් විස්වාශය පළකරයි.

මිගමුව නගර සභාවේ නාගරික කොමසරිස් තුමනි මේ ඔබේ අවධානය පිණිසයි.

 

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 690 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
මිගමුව රෝහලේ මාධ්‍ය වාරණයක්

ඊයේ  දහවල් පෙරියමුල්ලේ සිදුවූ අනතුරින්  රෝහල කරා රෝගීන් රැගෙන එමසහ එම හදිසි තත්වයට මුහුණදීම සදහා...



150x728


150x728