මිගමුව රෝහලේ නව වාට්ටු සංකීර්ණයේ සැලසුම් කාගේද ?

0
8

මිගමුව මහරෝහලේ තාවකාලික ගොඩනැගිල්ල හෙවත් තහඩු වාට්ටුව නමින් හදුන්වන ගොඩනැගිල්ල පිලිබදව සමාජගතකිරීමට උත්සහාකරන මතය සාධාරණ නොවන බව අප කල සොයා බැලීමකදී අනාවරණය විය. මෙහි ඇති සමරු එලකයට  අනුවනම් මෙය තාවකලික තහඩු ගොඩනැගිලක් නොව නව ගොඩනැගිලි සංකීර්ණයකි.

මෙම ගොඩනැගිල්ල සදහා තාක්‍ෂණික උපදෙස් ලබාදීම හා මග පෙන්වීම සිදුකර ඇත්තේ මොරටුව විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු කාර්මික අංශය විසිනි මේසදහා මුදල් වෙන්කර ඇත්තේ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය විසිනි මෙය මෛත්‍රීපාල සිරිසේන ජනධිපති තුමා ගේ ප්‍රධානත්වයෙන් විවෘත කර ඇත්තේ 2015 ඔක්තෝම්බර් මස 12 වනදිනය මෙය  අද වනවිට  මාස විස්සක කාලයක් ප්‍රයෝජනයට ගෙන  ඇත

මිගමුව මහරෝහලේ ස්ථාපිත නිත්‍යානුකූල රෝහල් කමිටුවට  අනුව මෙම ගොඩනැගිලි සංකීර්ණය සදහා වැයකර ඇති මුදල මිලියන 300 ක් වන අතර රෝහලට  වර්ග අඩි 55000 ක නව ගොඩනැගිලි එකතුවී ඇත.

දැනට අලුත් වැඩියා වෙමින් පවතින  බහු මහල් ගොඩනැගිල්ලේ අලුත් වැඩියා කතයුතු කඩිනමින් ආරම්භ කිරීමට  එහි තිබු වාට්ටු සහ ප්‍රතිකාර ඒකක ඉවත් කරගැනීම සදහා ඉදිකළ මෙම වාට්ටු සංකීර්ණය සදහා තිස්වසරක වගකීම් කාලයක් ද ලබාදී ඇතිබව දැනගන්නට ඇත.

මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කිරීමේදී වටිනා කමේ ප්‍රමාණය අනුව අමාත්‍ය මණ්ඩලය විසින් පත්කළ ටෙන්ඩර් කමිටුවක අනුමැතිය මෙන්ම ගොඩනැගිල්ලේ සැලසුමටද මධ්‍යම ඉංජිනේරු කාර්යාංශය වැනි ආයතන වල නිර්දේශ සහ අනුමැතිය ලැබි නොතිබුනිනම් ඉදිකිරීම් සදහා මුදල් ගෙවීම කල නොහැක.

එමනිසා මෙම ගොඩනැගිල්ල පරිහරණයේදී ප්‍රයෝගික ගැටළු ඇතිබව සත්‍යයක් උවත් රෝහලේ වෛද්‍ය වරයෙකුගේ තනිමතයට මෙම ගොඩනැගිල්ල ගොඩනගන ලද බවට ගෙනයන ප්‍රචාරණය තර්කානුකුල නොවනබව පෙනීයයි

මෙම වාට්ටු සංකීර්ණය හෝ නොතිබුනිනම් පසුගිය කාලයේ මෙහි නේවාසිකව ප්‍රතිකාර ලබාගත්දහස් ගණනක්  රෝගීන්ට  රාගම කොළබ වතුපිටිවල  වැනි රෝහල් වලට යාමට සිදුවන අතර ඒ සදහා ගමන් ගාස්තු වශයෙන් රෝගීන්ට මෙන්ම ඥාතීන්ට අතිරේක මුදලක් ද කාලයක්ද වැය කිරීමට සිදුවේ.

බහු මහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සිදුවන අන්දම අනුව එහි වැඩ අවසවන් වීමට තවත් වසර කිහිපයක් ගතවනු ඇත. එම නිසා නව ගොඩනැගිලි සංකීර්ණයේ දුර්වලතා  නිවැරදිකර කර එහි රෝගීන්ට මෙන්ම කාර්ය මණ්ඩලයට ඇති අපහසුතා අවම කරගැනීමට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කරනලෙස සියලු පාර්ශවයන් ගෙන් ඉල්ලා සිටිමු .

(සංවාදයට විවෘතයි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here