මිගමුව රෝහලේ මාධ්‍ය වාරණයක්

0
20

ඊයේ  දහවල් පෙරියමුල්ලේ සිදුවූ අනතුරින්  රෝහල කරා රෝගීන් රැගෙන එමසහ එම හදිසි තත්වයට මුහුණදීම සදහා රෝහල තුල ඇති පෙර සුදානම වාර්තා කිරිමට පැමිණි මාධ්‍යවේදීන්ට රෝහලේ ආරක්ෂක අංශයෙන්  දාර්ශන පටිගත නොකරන ලෙස දැනුම් දීමක් කල අතර රෝහල් අධ්‍යක්ෂක විසින් දී ඇති නියෝගයක් අනුව මෙම දැනුම් දීම කරන බවද ඔවුන් වැඩිදුරටත් සදහන් කළේය.

දර්ශන පටිගත කිරීමට අවශ්‍ය නම් ඒසදහා රෝහල් අධ්‍යක්ෂක ගේ අවසරය ලබාගන්නා ලෙසද දැනුම් දෙනු ලැබිය ඒ අනුව මාධ්‍යවේදීන් රෝහල් අධ්‍යක්ෂක දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කලද සාකච්චාවක සිටින බැවින් රෝහල් අධ්‍යක්ෂක දුරකතනයට සම්බන්ධ කල නොහැකිබව දුරකථන ක්‍රියාකරු දැන්විය.මේවැනි තත්වයක්  මෙයට පෙර සිටි කිසිදු රෝහල් අධ්‍යක්ෂක  වරයෙකුගේ කාලයේ ඇති වුයේ නැත

පසුගිය කාලයේ .රෝහල පිළිබද විවිධ අන්දමේ  මාධ්‍ය වාර්තා පලවූ අතර  එම ප්‍රවෘත්ති මගින් රෝහල් පරිපාලනය වෙතද යම් යම් කරුණු සම්බන්ධයෙන් විවේචන එල්ලවිය.මේ  නිසා මාධ්‍යවේදීන් පැමිණීම වලක්වා එ මගින්  රෝහලේ සැබෑ තත්වය වාර්තාවීම වැළැක්වීම සදහා මෙවැනි පියවරකට ගිය බවක් ගන්නට ඇතැයි කෙනෙකුට සැකකළ හැකිය.

අධි තාක්ෂණික සන්නිවෙදන උපකරණ භාවිතා කරන ඩිජිටල් ලෝකයක තොරතුරු වාර්තාවීම මෙවැනි ප්‍රාථමික  ක්‍රම මගින්  වැළැක්වීමට නොහැකි. අතර අද බොහෝ දෙනා අත ඇති ජංගම දුරකතනයක පටිගත කිරීමේ සංස්කරණය කිරීමේ මෙන්ම විකාශනය කිරීමේ හැකියාවද ඇත.

එම නිසා රෝහල් අධ්‍යක්ෂක කලයුතු වන්නේ  තොරතුරු වාර්තා කිරීමට එන මාධ්‍ය වේදීන් පසුපස රෝහලේ ආරක්ෂක අංශය එවීම නොව මෙවැනි හදිසි අනතුරක් පිලිබදව වාර්තා වූ සැනින් සාකච්චා මදකට නවත්වා එම අනතුරින් රැගෙන එන රෝගීන් ට ප්‍රතිකාර කිරීම සදහා අවශ්‍ය උපදෙස් අදාල අංශ වෙත ලබාදීමට සක්‍රියව මැදිහත් වීමයි..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here