මිගමුව රෝහලේ ස්කෑන් සදහා රෝගීන් ගෙනයන විදුලි සෝපානය මරඋගුලක්

0
31

“මිගමුව මහරෝහලේ ඩෙංගු රෝගීන් ස්කෑන් කරන්න වෛද්‍යවරයාට ලගට මීටර් සියගණනක් ගෙනයාම රෝගී ජීවිත අවධානමට ලක්කිරීමක් 

ඉහත සිරස් තලයෙන්  අප ඊයේ පලකල පුවත පිලිබදවඅදහස් දැක්වීමට උනන්දුවක් දැක්වූ අපගේ වෙබ් අඩවියේ හිතවතෙක්  එම ප්‍රවුර්තියේ තිබු අඩුපාඩු කිහිපයක් පිළිබද තොරතරු ජයාරූප සමග අපවෙත ලබාදී ඇත එම ජයා රුප දෙකද අපගේ හිතවතා දන්වා තිබු ප්‍රවුර්තියේ අඩුපාඩුද පහතින් එක් කර ඇත.

මෙම ජයාරුපයෙන් දැක්වෙන්නේ අප විසින් සදහන් කල දැනට අලුත් වැඩියා කරණ ගොඩනැගිල්ලේ ඇති  විදුලි  සෝපානය භාවිතා කිරීමේ අවධානම පිලිබදව රෝහලේ වෛද්‍ය අධිකාරී විසින් කර ඇති දනුමදිමකි. මේ අනුව මෙම සෝපානයෙන් ලෙඩුන් තබා නිරෝගිමත් අයවත් නොයායුතුය.

මෙම ජයාරුපයෙන් දැක්වෙන්නේ වෛද්‍ය අධිකාරීගේ උපදෙස් නොසලකා  අබලන්වූ විදුලි  සෝපානයෙන් ගෙන ගොස්  හිරවූ රෝගීන් පිරිසක්  විදුලි  සෝපානයෙන් පිටතට ගැනීමට විදුලි කාර්මිකයන්  ක්‍රියා කරණ අවස්ථාවකි .

රෝගීන් අවධානමට ලක්නොකර ස්කෑන් කිරීම සදහා වඩාත් සුබවාදී තීරණයක් ගැනීමට වෛද්‍යඅධිකාරිවරයා ක්‍රියාකරනු ඇතැයි අපි විශ්වාස කරමු.

මෙම ප්‍රවුර්තියේ සදහන් තොරතුරු සම්පුර්ණයෙන්ම සත්‍ය තොරතුරු වන අතර රෝගීන් ස්කෑන් කිරිම සදහා  අනාරක්ෂිතව රැගෙනයාම සුදුසු යැයි යමෙකු තර්ක කරන්නේනම්  ඔවුන් යථාර්ථය නොදකින ඔලුවෙන් හිටගෙන සිටින පිරිසක් ලෙස අපගේ හිත වතාට පෙනීගොස් ඇත .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here