මිගමුව වෙඩිකන්ද දුපතේ අබිරහස් ඝාතනයක්

728x150

මීගමුව පි.මානික්කරත්න වාර්තා කරයි  prasad2

මීගමුව කළපුවේ පිහිටා ඇති වෙඩිකන්ද දුපතේ  තිබෙන එකම නිවස තුළ සිටි  වයස අවු 64 පමනැති කාන්තාවකගේ  හිසට කිසියම් පුද්ගලයකු විසින් ගලකින් ගසා ඝාතනය කොට ඇතැයි පොලීසිය පවසයි.

 මෙලෙස ඝාතනයට ලක්වි  ඇත්තේ මීගමුව  වෙඩිකන්ද දුපතේ  ඇති එකම නිවසේ පදිංචිව සිටි මේරි ජෙනට් පෙරේරා  64 නැමැති දරුවන් දෙදෙනෙකු සිටින  කාන්තාවකි.

දරු කිසිවෙකුටවත්  කරදර නොකොට  සිය බිරිද  සමග වසර 22 වෙඩිකන්ද දුපතේ නිවසේ  භූමිතෙල් ලාම්පු කුප්පියේ එලියෙන් ජීවත් අපට මෙහෙම අපරාධයක් කලේ කවුද දෙයියනේ යයි පවසමින් තිබුණු එකම තෙප්පමත් කොල්ලෑව කඩා  කලපුවේ ගිල්ලලා තිබුනා මහත්තයෝ  මියගිය කාන්තාවගේ සැමියා වන  බි. ඇන්ටනි ප්‍රනාන්දු  වැලපෙමින් පැවසීය prasad1උදැසන  කාලයේ කලපුවේ දැල් ගහලා හොද්දට මාඵ ටිකක් හොයා ගන්නවා සවස කාලයේ ඔහු නිවසෙන් පිටව ඇත්තේ කුලියට බෝට්ටු මුරසේවයට යාමටය ඒ අතර තුර  මියගිය කාන්තාවගේ දියනියගේ පුතා සිය ආච්චි අම්මාගේ ජංගම දුරකතනයට ඇමතුම් වාර කීපයක් රැගෙන ඇතත් ඊට ප්‍රතිචාර නොදැක්වීම නිසා කලබලවි පියා සමග බෝට්ටුවකින් ආච්චි අම්මා සිටි දුපතේ නිවසට පැමින සිට ඇත්තේ  රාත්‍රී 7.00 පසුවි බැවින්  අදුර වැටී ඇති නිසා පිය පුතු දෙපල විදුලි පන්දමේ එලියෙන්  නිවස ඇතුලතට පැමිනි අවස්ථාවේදි සිය නැන්දම්මා ලේ විලක් මැද මිය ගොස් සිටි බව ඝාතනයට ලක්වු කාන්තාවගේ දියනියගේ සැමියා වන  බි .ජි. රංජිත් ප්‍රනාන්දු වන ධීවර කාර්මිකයා  පොලීසියට පවසා ඇත. මෙම ඝාතනය කවුරුන් කුමන හේතුවක් නිසා කලාද යන්න තවමත් අභිරහසකි. මේ පිළිබද  වැඩිදුර පරික්ෂණ අරඹා ඇති බව මීගමුව  පොලීසිය  සදහන් කරයි.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 661 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
කටාන සමුපේ වාහන අවභාවිතයේ

කටාන විවිධ සේවා සමුපකාර සමිතියේ මහා සභා රැස්වීම  සමුපකාර ශ්‍රවනාගාරයේ අද( 28)පැවති අතර අධ්‍යක්ෂක මණ්ඩලය...