මිගමුව සුරාබදු කාර්යාලය අසල අනවසර තැබෑරුම ගම්පහින් වටලා ලක්ෂ 32 ක විදේශ මත්පැන් අල්ලයි

මිගමුව කොප්පරා හන්දිය අසල රන්වැලි සුපෙර් මාර්කට් නමැති ස්ථානයේ බලපත්‍රයක් නොමැතිව ගබඩා කරගෙනසිටි ලක්ෂ 32 ක් පමණ වෙළදපොල වටිනා කමක් ඇති  විදේශීය මත්පැන් සහ සිගරැට් තොගයක් සුරාබදු නිලධාරීන් විසින් අද දහවල් අත්අඩංගුවට ගන්නාලදී .

ගම්පහ සහකාර සුරාබදු කොමසාරිස් ආර්.එම් .රත්නායක මහතාට ලැබුණු පුද්ගලික තොරතුරක් අනුව ජාඇල සහ ගම්පහ  සුරාබදු ස්ථාන වලට අනුයුක්තව සේවයකරන ඒ මහතා සමග පැමිණි  සුරා බදු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකරන ලදී.

මෙම සුපිරි වෙළද සැලේ ගබඩා වල තිබී අත්අඩංගුවට ගත් විදේශීය මත්පැන් බෝතල්  අතර රිවාස් රීගල්, ඇබ්සලුට් වොඩ්කා  බකාඩි,ආදී මිල අධික මත්පැන් වර්ග බෝතල් 267ක් තිබුණි අත්අඩංගුවට විදේශීය දුම්වැට් ප්‍රමාණය 5400 කි.

මෙම ස්ථානයේ කාලයක් තිස්සේ බලපත්‍ර නොමැතිව විදේශිය මත්පැන් අලෙවිකරණ බව විමර්ශන වලදී අනාවරණය වී ඇත.මෙම  ස්ථානයට ඉතාම ආසන්නයේ මිගමුව සුරාබදු ස්ථානය පිහිටා ඇත.

සුරා බදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්  ආයතනයේ හිමිකරු සහ කළමනාකරු සමග නඩු භාණ්ඩ අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ගම්පහ සහකාර සුරාබදු කොමසාරිස් ආර්.එම් .රත්නායක මහතා මෙහෙයවූ මෙම වැටලීමට ප්‍රධාන සුරාබදු පරීක්ෂක තිස්ස කුමාර සුරාබදු පරීක්ෂක කේ පි.ටි ඩි කරුණාරත්න සහ ගමගේ ,පිරිස්,වික්‍රමරත්න,චානක. ලලිත් ,කරුණාරත්න ,කපිල රවින්ද්‍ර,කුරුප්පු යන   සුරාබදු නිලධාරීන්ද සහභාගිවිය.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 775 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
ඩුබායි රැගෙන යන්න ගෙනා ලක්ෂ 30 වල්ලා පට්ටා රාජසන්තකයි දඩය ලක්‍ෂ 3 යි

රුපියල් ලක්ෂ 30 ක් පමණ වටිනා වල්ලපට්ටා කිලෝ ග්‍රෑම් 50 ක්  නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත...



150x728