මිගමු නගර සිමාවේ හෙට ඉරිදා කසිප්පු හිගයක් ඇතිවේද ?

dscn0394මිගමුව නගරයට  තොග වශයෙන්  කසිප්පු බෙදාහරින්නෙකු   පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරු  කසිප්පු බෝතල් 500 ක් ත්‍රිරෝද රථයක සගවාගෙන මිගමුව දෙසට ගමන් කරද්දී අශ්වයා සුරුවම අසලදී අත්අඩංගුවට ගෙන ඇත්තේ මිගමුව පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂකආර්.ඩි.එම සිරිල් මහතාගේ අධික්‍ෂණයෙනි.

සැකකරු සමග අත්අඩංගුවට ගත් ත්‍රිරෝද රථය තුල බෝතල් 10 බැගින්  ඇසුරුම් කල ඇසුරුම් වල මෙම කසිප්පු  තොගය අසුරා තිබී ඇත.අත්අඩංගුවට පත්ව ඇත්තේ දළුපොත ඩිපෝ පාරේ පදිංචි රුවන් නිශාන්ත ප්‍රනාන්දු නමැති අයෙකි.මොහු පිලිබදව පෙරවැරදි ඇත්දැයි පරික්ෂාකර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි

මෙම වැටලීම උපපොලිස් පරීක්‍ෂක රජිත දිසානායක  මහතා විසින්  සැරයන් ටිකිරි බණ්ඩාර කාන්ත පොලිස් සැරයන් හෂීම් පොලිස් කොස්තාපල් ජයතිලක තෙන්නකෝන් සහ රෝහණ යන නිලධාරීන්ගේ  සහ බාගිත්වයෙන් සිදුකර ඇත.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 690 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
මිගමුව රෝහලේ මාධ්‍ය වාරණයක්

ඊයේ  දහවල් පෙරියමුල්ලේ සිදුවූ අනතුරින්  රෝහල කරා රෝගීන් රැගෙන එමසහ එම හදිසි තත්වයට මුහුණදීම සදහා...



150x728


150x728