මිගමු මහා නගර සභාවේ පෙර පාසැල් 13ක දරුවන් 600 කට නගර සහා අරමුදලින් නිල ඇදුම් සහ දියර කිරි

කසල කළමනාකරණය අරඹන්නම  හොදම තැන නිවසයි නිවසේද ඒ සදහා නායකත්වය දිය හැක්කේ  මවටයි.

මිගමුව මහා නගර සභාවේ නාගරික කොමසාරිස්  කේ එස් සී සුගත් කුමාර මහතා මෙම අදහස් පලකලේ  මිගමුව නගර සභාව මගින් පාලනය වන පෙරපාසල් 13 ක 600 පමණ වන පෙර පාසල් දරුවන්ට නැවුම් එලකිරි වීදුරුවක් දිනපතා ලබාදීමේ වැඩසටහනේ නියමක ව්‍යාපෘතිය තලාදුව නාගරික පෙරපසලේදී ආරම්භ  කිරීමේ අවස්ථාවට පැමිණසිටි දෙමවු පියන් අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කොමසාරිස් වරයා නිවසේ එකතුවන කසල වර්ගකිරීම, ඉඩකඩ ඇත්නම් කොම්පෝස්ට් බැරලයක දිරායන කුණුරොඩු  එකතුකිරිම, වර්ගකල කසල නිසි පරිදි නගර සභා වාහන වලට බාරදීම මෙන්ම කුණුකසල තැන තැන දැමීමෙන් වැළකීමෙන් නගරය  පවිත්‍රව සහ අලංකාරව  තබාගැනීමට දායක වන ලෙසද ඉල්ලා සිටි කොමසාරිස්වරයා   එමගින් අනාගත පරපුර සදහා හොද පරිසරයක් උරුම කරදීමට මෙන්ම කුඩාකල සිට දරුවන්ට පරිසරය පිරිසිදුව තබා ගැනීමට පුහුණුවක් ලැබෙන බවද ප්‍රකාශකලේය .

මිගමුව මහනගර සභා ඉතිහාසයේ පළමු වරට සියලුම නාගරික  පෙරපාසල්  වල ඉගෙනුම ලබන දරුවන්ට  නගර සභා අරමුදලින් නිල ඇදුම් ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකර ඇති බවද නාගරික කොමසාරිස්වරයා මෙහිදී අනාවරණය කළේය.

මෙම අවස්ථාවට මිගමුව මහා නගරසභාවේ ලේකම් තුෂාරි විමලසේන,ප්‍රජාසංවර්ධන නිලධාරිනි ඉරේෂා ජයසිංහ,තලාදුව  නාගරික පෙර පාසලේ පාලිකාවන් වන කුමාරි ප්‍රනාන්දු සහ චන්ද්‍රික පෙරේරා  යන මහත්මීන් සහබාගිවිය.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 647 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
දරු ප්‍රසුතිය සදහා රෝහල් ගතවසිටි මවක් ඩෙංගු රෝගයෙන් මියයයි

දෙවන දරු ප්‍රසුතිය සදහා මිගමුව රෝහලට  ඇතුලත්ව සිටි මවක් ඩෙංගු රෝගය හේතුවෙන් අද උදැසන මිය...



150x728


150x728