මිගමු ලංගම ඩිපෝවේ ලක්‍ෂ 250ක වැටුප් පොල්ලක් ? කතා කලොත් වහාම ස්ථාන මාරු

82මිගමුව  ලංගම ඩිපෝවේ සේවකයින් වැඩි පිරිසකගේ ජනවාරි පෙබරවාරි සහ මාර්තු මසවැටුප් නිසිලෙස නොගෙවීම නිසා සේවකයන්ට ලක්ෂ 250 ක පමණ හිග වැටුප්  මෙතෙක් ගෙවා නැත.

මෙපිලිබදව සේවකයන්  කම්කරු කොමසාරිස් වරයාට පැමිණිලි කර ඇති අතර  එම පැමිණිල්ල පිලිබදව පුළුල් පරික්‍ෂණයක් අරබා ඇත මෙම වැටුප් හිගය දේශපාලනයට  සම්බන්ධ සුළු පිරිසකට  බලපා  නැත ඒ ඔවුන් හිගයකින් තොරව වැටුප් ලබා ගැනීම සිදුකර ගෙන ඇති නිසාය.වැටුප් නොලැබුණු මාස වලදී ජිවත් වීම සදහා ලබාගත් අතමාරු සහ ණය ගෙවා ගැනීමට  හිග වැටුප් ලැබෙනතෙක් බලාසිටින සේවකයන්ට ලැබෙන වැටුපින්ද කොටසක් අතමාරු සහ ණයපොලි වශයෙන් ගෙවීමට සිදුවීම නිසා  දැඩි කනස්සල්ලට සහ මානසික පීඩාවකට පත්ව ඇත.

මෙම හිග වැටුප් ගැටලුව පිළිබද ප්‍රසිද්දියේ කථා කරන සේවකයන් වෙනත් ඩිපෝවලට ක්ෂණිකව  මාරුකර යැවීමට කටයුතු කරන ඩිපෝ බලධාරීන්ට හිග වැටුප් ගෙවීම සදහා එවැනි උනන්දුවක් නොමැති බවත් සේවකයන් පවසති.මේනිසා සේවකයන් කම්කරු කොමසාරිස්  ජනරාල් වරයා ගෙන් ඉල්ලා සිටින්නේ  විධිමත් පරීක්ෂණයක්  කඩිනමින් පවත්වා හිග වැටුප් ලබාදීමට   කටයුතු කරන ලෙසයි.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 690 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
මිගමුව රෝහලේ මාධ්‍ය වාරණයක්

ඊයේ  දහවල් පෙරියමුල්ලේ සිදුවූ අනතුරින්  රෝහල කරා රෝගීන් රැගෙන එමසහ එම හදිසි තත්වයට මුහුණදීම සදහා...



150x728


150x728