මිනුවන්ගොඩ පීල්ල වත්තේ දී පාතාලයේ ප්‍රෙඩිට වෙඩි තැබූ තුවක්කුකරු මාතරදී කොටුවෙයි

13නොවැම්බර් මස 24 වනදින මිනුවන්ගොඩ පිලවත්ත බිග් සිටි  නිවාස සංකීර්ණයේ දී වෙඩිතබා ඝාතනය කල  පාතාල  කණ්ඩායමක නායකයෙකු වූ මිනුවන්ගොඩ  සුසන්තගේ හොදම ගෝලයා ලෙස කටයුතු කල බව කියන සුසන්ත ප්‍රදීප්  සිල්වා නොහොත් ප්‍රෙඩි සිල්වා ට වෙඩි තැබූ වෙඩික්කරු  ඇතුළු  හය දෙනෙකු මිගමුව කොට්ටාශයේ නිතිය බල ගැන්වීමේ ඒකකය විසින්  සැක පිට අත්අඩංගුවට ගෙන ඇත.

නිතිය බලගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ගිහාන් මනෝහර මහතාට ලැබුණු තොරතුරක් ඔස්සේ කරනලද  පරීක්ෂණ වලින් අනතුරුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. මුදල් පොලියට දෙන කෝටිපති ව්‍යාපාරිකයෙකු විසින් ප්‍රෙඩි ගේ ගෝලයෙකුට පහරදීමත් එයට එකට එක කිරීමට ව්‍යාපාරිකයාගේ සහෝදරයෙකු ප්‍රෙඩි ගේ නිවසට රැගෙනවිත් බරපතල ලෙස පහරදීම ත් සිදුවී ඇත.මෙසිදුවීම සම්බන්දයෙන් දෙපාර්ශවය අතර ගැටුමක් තිබී ඇත.

ප්‍රෙඩි සිල්වා විසින් තමන්ගේ මිතුරෙකු වන නිලන්ත නමට මිලදීගෙන  ගුවන්තොටුපල කුලීරථයක් ලෙස ධාවනය කලබව කියන  වාහනයක් නිලන්ත විසින් ව්කුනා මුදල් ලබාගැනීම නිසා නිලන්ත ගෙන් එම මුදල් හෝ පදිංචි නිවාස පවරාදෙන ලෙස කරන පීඩනය නිසා  ප්‍රෙඩි සමග තිබු මිතුරුකම අවසන්වී පස මිතුරන් වන නිලන්ත චන්දන සමග එකතුවී  ප්‍රෙඩි සිල්වා විසින් තමන්ව මරා දැමීමට පෙර ප්‍රෙඩි සිල්වා මරා දැමීමට සැලසුම් කර ඇති බව පරීක්ෂණ වලදී අනාවරණය කර ගෙන ඇත

මේ අනුව ලක්ෂ හතරක මුදලකට වෙඩි තැබීම සදහා  ගුවන් හමුදාවේ  වසර දොළහක සේවයෙන් පසු විශ්‍රාම ගිය  කෝප්‍රල් වරයෙකු වන මාතර පොල්කැටිය ලෙනදුව ප්‍රදේශයේ පදිංචි 40 හැවරිදි දෙදරු පියෙකු වන සිසිර අලහකෝන් යන සැකකරු සම්බන්ද කරගෙන  ඇත. වෙඩි තැබිම සදහා යොදා ගෙන ඇති T 56 වර්ගයේ ගිනි අවිය චන්දන විසින් කලකට පෙර එක්ලක්‍ෂ පනහස් දහසකට  මිලදීගෙන ඇත්තේ ඝාතනයට ලක්වූ ඉන්දික නමැති අයෙකුගෙන් බවද සැකකරු වන ගෙන් අනාවරණය වී ඇත.ඝාතන සැලසුමට අනුව පිරිස විසිර යාමටත් වෙනත් පුද්ගලයෙකු ඒ සදහා ඉදිරිපත් වී පොලිසියට භාරවිමටත් කල සැලැස්ම අනුව වෙඩික්කරු සමග යතුරු පැදියෙන් ගිය   නිලන්තගේ සහෝදරයා පොලිසියට යතුරු පැදිය සහ ගිනිඅවිය සමග බාරවී තිබෙනවා

නිතිය බලගැන්වීමේ ඒකකය  සිදුකල විමර්ශන වලින් පසුව  නිලන්ත මෙන්ඩිස් අත්අඩංගුවට ගෙන ලබාගත් තොරතරු අනුව  ඝාතනයට සම්බන්ධ සැගවුණු තොරතුරු  අනාවරණය කරගනිමින් මෙම ඝාතනය සැලසුම් කල අනුබල දුන් සියළු දෙනා අත්අඩංගුවට ගෙන ඇත.ඝාතන කොන්ත්‍රාත්තුව ලක්‍ෂහතරක් උවත් වෙඩික්කරුට ලැබී ඇත්තේ රුපියල් හාරදහසක් පමණක් බවද හෙළිවී ඇත.

ඝාතනය සදහා ඔත්තු බැලීම සදහා යොදා ගත් අත් ට්‍රැක්ටර්යක්  වෙඩික්කරු  ඇතුළු පිරිස ගමන් කිරීමට යොදා ගත් ත්‍රි රෝද රථයක් සහ වැන් රථයක් ද අත්අඩංගුවට ගෙන ඇත

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් වන්නේ නිලන්ත ජයසිරි මෙන්ඩිස් (34),සිසිර කුමාර අලහකෝන්(40)ප්‍රදීප් සිරිපාල සිල්වා (34),සුජිත් ප්‍රසන්න සිල්වා (34)ඩිලාන් සමන්ත සිල්වා (32),ප්‍රියලාල් ද සිල්වා (43 )යන සැකකරුවන්ය. මෙම සැකකරුවන් ඉදිරි  අධිකරණ ක්‍රියාමාර්ග සදහා  මිනුවන්ගොඩ පොලිස්  ස්ථානය වෙත බාරදීමට නියමිතයි.

මෙම විමර්ශන යේදී  අනාවරණය වූ තොරතුරු අනුව  මියගිය පාතාල නායකයෙකු වන ආමි ජිනේටඅයත් බවට සැකකරන T 56 උණ්ඩ යොදන මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනිඅවි දෙකක් සහ ස්වයංක්‍රීය මිලිමීටර් 9 ගිඅවියක් සහ ජිව උණ්ඩ ලග තබාගෙන සිට අත්අඩංගුවට ගනුලැබූ නිරංජන් ලක්මාල් මුනසිංහ (36 )නමැති සැකකරු  කටාන පොලිස් ස්ථානය වෙත ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සදහා බාරදීමට නියමිතය.

 

මිගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියලාල් දසනායක මහතා ගේ උපදෙස් හා  මගපෙන්වීමෙන්  සහකාර පොලිස් අධිකාරී(1) ලලිත්රෝහණගමගේ මහතා ගේ අධික්‍ෂණයෙන් මිගමුව පොලිස් අධිකාරී කොට්ටාශයේ  නිතිය බලගැන්වීමේ ඒකකයේ  ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඩි.ආර් .ඒ .ගිහාන් මනෝහර මහතා  විසින් විමර්ශන කටයුතු මෙයවමින් සැකකරු වන්  අත්අඩංගුවට ගෙන ඇති අතර මිගමුව කොට්ටාශයේ ව්ශේෂ කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර මහතාද සැරයන් වරුන් වන ඒ .එම්.රාහුෆ්,එච්.එම.චන්දන, ඩි පෙරේරාත් අමල්, චමත්,ජයසිංහ , යන පොලිස් කොස්තාපල්වරුන් ද පරීක්ෂණ කණ්ඩායමේ සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කළේය.

 

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 20 posts in All category
Recommended for you
මීගමුවේ මහාමාර්ග වල වාහන නැවැත්වීම සීමාකළ අනවසර දන්විම්පුවරු අත් අඩංගුවටගනී

මිගමුව නගරයේ විවිධ  ස්ථානවල නිසි පරිදි ලබාගත් නිත්‍යානුකුල අවසරයකින් තොරව තබාතිබු  නැවැත්වීම තහනම් ඇතුල්වීම තහනම...