මීගමුවට කටානට පැකට් කල මත්කුඩු බෙදු යතුරු පැදිකරු අත්අඩංගුවට

මිගමුව සහ කටාන ප්‍රදේශවලට මත්කුඩු  පැකට් කර ගෙනවිත් අලවිකරණ ජාවාරම් කරුවෙකු මිගමුව කොට්ටාශයේ නිතිය බලගැන්වීමේ එකකය විසින් දඩුගම ප්‍රදේශයේදී මත්කුඩු මිලිග්‍රෑම් 3118 ක්අඩංගු  කුඩු පැකට් 40 ක් සමග අද (17) අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ  අත්අඩංගුවටගෙන ඇත්තේ පැලියගොඩ ගොඩකදුරු වත්තේ පදිංචි 28 හැවරිදි අවිවාහකයෙකි.  උපාය දුතයෙකු යොදවා කුඩු පැකට් 40 ක් ඇණවුම්කර දඩුගම ප්‍රදේශයට ගෙන්වා ගෙන අත්අඩංගුවට ගෙන ඇත. මොහු කුඩු රැගෙනපැමිණි යතුරු පැදියද  පොලිසිය විසින් අත්අඩංගුවටගෙන ඇත.මොහු මෙයට පෙර මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය  විසින් අත්අඩංගුවටගෙන ඇපමත සිටින අයෙකු බවද විමර්ශන වලදී හෙළිවී ඇත

මුලික විමර්ශන වලින් අනතුරුව ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග සදහා සැකකරු සහ නඩු භාණ්ඩ අද දින සිදුව පොලිස් ස්ථානයට භාරදීමට නියමිතය.

මිගමුව ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී ප්‍රියලාල් දසනායක මහතාගේ උපදෙස් පරිදි නිතිය බලගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපති පොලිස්පරික්ෂක ගිහාන් මනෝහර මහතාගේ මෙහෙයවීමෙන්  පොලිස් සැරයන් වරුන් වන 63188 රාවුෆ් 25902 ධර්මප්‍රිය7000 චන්දන සමග පොලිස් කොස්තාපල්වරුන් වන 49370 චින්තක 67229 අමල් 86671 චමත් සහ පොලිස් රියදුරු 15248 ජයසේකර යන  නිලධාරීන් මෙම වැටලීම සිදුකර ඇත.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 718 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
කටාන පොලිසියේ කනේපහරට සාධාරණ පරීක්ෂණයක් ඉල්ලයි

කටානේ පොලිස් ස්ථානය තුලදී ස්ථානාධිපතිවරයාගේ පහරදීමට ලක්වූ බව කියමින් රෝහල් ගතව ප්‍රතිකාර ලබන පොලිස් නිලධාරීන්...