මීගමුවේ කටානේ ඩෙංගු අර්බුදයේ ඇත්ත කතාවක්

0
6

මිගමුව සහ කටාන ප්‍රදේශ වල පවතින ඩෙංගු වසංගත තත්වයට ප්‍රධානතම හේතුව ඩෙංගු රෝගකාරක මදුරුවන් බෝවීම වැළැක්වීමට හරි වැඩපිළිවෙලක්  හොද ප්‍රතිපතියක් නොමැති නිසා බව සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රසික ලියනගේ මහතා ප්‍රකාශ කරයි.ඒ මහතා මෙම ප්‍රකාශය කලේ පසුගියදා බස්නාහිර පළාතේ ග්‍රාමසංවර්ධන අමාත්‍යංශ මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත  ඩෙංගු මර්ධන ව්‍යාපෘතිය පිළිබද මිගමුව ප්‍රදේශිය මහලේකම් කාර්යාලයේදී ලලිත් වනිගරත්න බස්නාහිර පළාත්සභා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්  පැවති මුලික සාකච්චාවේදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් පලකල වෛද්‍ය රසික ලියනගේ මහතා විධිමත් ලෙස කසල බැහැර කිරීම පිලිබදව මහජනතාව දැනුවත් කර ආකල්පමය වෙනසක් ඇතිකළ යුතු බවද  සමහර මාධ්‍ය විසින් පෙන්වන පරිදි  කාණුවල ඇති පල් වූ ජලයේ  ඩෙංගු මදුරුවන් විශාල වශයෙන් බෝවන බවට පලවන වාර්තා නිවැරදි නොවන බව ද  ප්‍රකාශ කළේය.සියලු ප්‍රජා සංවිධාන බලගන්වා කේෂ්ත්‍ර රාජකාරි වල නියුතු රාජ්‍ය නිලධාරීන් ද යොදවාගෙන  වහාම මදුරු කීටයන් බෝවන ස්ථාන පිරිසිදු  කිරීම ආරම්බ කලයුතු බවද තමාගේ අත්දැකීම් අනුව 99%ක් ම ඩෙංගු මදුරු කීටයන් හමුවන්නේ තැන තැන විසිකර දමන ප්ලාස්ටික් කෝප්ප වැනි භාජන තුල සහ වැහි පීලිවලබවද පෙන්වා දුන්නේය.

දැනට මෙම ප්‍රදේශවල  බෝවී ඇති ඩෙංගු මදුරුවන් ගහනයෙන් වැඩි ප්‍රමාණයක් ඉජිප්ටයිස් කාණ්ඩයට අයත් වන බවද එම එක් මදුරුවෙකුට එක් දිනක් තුල පුද්ගලයන් 15 දෙනෙකුට පමණ දෂ්ට කිරීමට හැකිවීම මෙම ඩෙංගු ව්‍යාප්තියේ සීග්‍ර වර්ධනයයට බලපාහැකිබවද සදහන් කළේය.

ඩෙංගු පිලිබදව ආර්ථික සංවර්ධන අමාත්‍ය අංශය මගින් සිදුකල පසුවිපරම් වැඩපිළිවෙල  අක්‍රියවී ඇතිබවද පෙන්වාදුන්  වෛද්‍ය නිලධාරී රසික ලියනගේ මහතා 2016 වසරේ හමුවූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාවට වැඩි රෝගීන් ප්‍රමාණයක් මෙම මාසහයතුල වාර්තාවීම බරපතල තත්වයක් බැවින් සියලුදෙනාම එකාවන්ව ඩෙංගු මදුරුවා පරාජය කිරීමේ වැඩ පිළිවෙලට සක්‍රියව  දායකවීම අද ඇති ප්‍රමුකම ජාතික අවශ්‍ය තාවය බවද පෙන්වා දෙන ලදී

මෙම අවස්ථාවට මහජන නියෝජිතයන් සිදුව කටාන මිගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පළාත් පාලන ආයතන වල නිලධාරී ඇතුළු පිරිසක් ද සහභාගිවිය.

මෙහි පහත ඇති කෙටි  VIDEO ව මගින්  වෛද්‍ය නිලධාරී රසික ලියනගේ මහතාට සවන් දෙන්න

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here